මේ මනු විපත් ඇයි දෙවියනි නොපෙනෙන්නේ….
ලෝක පොලිස්කාරය පැන පැන පෙරට
සිය යුද බලය පෙන්වයි නොපැකිල ලොවට
ළංවී ඊශ්‍රාලෙට දාලා අත කරට
ඇරඹුව යුදය කෙලෙසට වෙද හෙට අපට Sri Lanka Latest News
ප්‍රතිඵල අතිරේක තෙල නැගුමෙන් ඇතිවේ
පවතින යුදයෙ විෂකුරු බව තව මතුවේ
ජීවත්වීමෙ ගැටලුව තව බල ගතුවේ
යුද්ධය නොවේ ලොව සාමයමය පැතුවේ
යුද අවි විකුණ විකුණා පොඩි රටවලට
උණුනුන් ඇන කොටාගෙන වැනසෙන තැනට
කටයුතු කරලමින් බලවත් අය ලෙසට
දෙන ආදුරුසෙ කිමදැයි පවසනු ලොවට
ලොකු පොඩි කියා වෙනසක් නැත මිනිසුන්ට
සිදුවී ඇති බවකි අකලට මියයන්ට
එය දම් තාවයක් ලෙස බැහැ සලකන්ට
මහ බලවතුන් ඕනෑ පිළිතුරු දෙන්ට
මානව හිමිකමේ අයිතිය සුරකින්නේ
නැති මේ අදමයන් කාටද වගවෙන්නේ
කිරි දරුවන් පවා අමුවෙම වන සන්නේ
මේ මනු විපත් ඇයි දෙවියනි නොපෙනෙන්නේ










