ඇඳි කහ සිවුරු හිමිවරු මෙහි සිටින තුරූ
දෙදහස් හයසියක නොබිඳුණු ඉතිහාසේ
නස නස නිබඳවම කර කර අපහාසේ
පස් වසරකට ලැබ බලයක අවකාසේ
කරනා වැරදි වළකමු පා උපවාසේ
ලක්දිව නැසුම සිතුමද මහ මුළාවකී
හැම හදවතක ඇති ගුණදම් අමාවකී
ඇඳි කහ සිවුරු අය පවසති අමාවැකී
සුද්දන් එදා කීවේ මේ අනාවැකී
ජඩකම් මවා පා පෑවට බොරු දත්ත
ජනයිනි එයයි හෙළයෙහි පවතින සත්ත
පස් වසරකට මේ රට බදු අර ගත්ත
පිරිසට කියමු මේකය පවතින ඇත්ත
ඇඳි කහ සිවුරු හිමිවරු මෙහි සිටින තුරූ
ලක්දිව බලය ලැබ ගැනුමට සිතුම බොරූ
මතුවෙයි නිබඳ හිමිනගෙ හෙළ ගතිය විරූ
සුද්දගෙ මතය අපි පිළිගමු මියෙන තුරූ










