ලංකා ප්‍රිමියර් ලීගයේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ශ්‍ර්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සම්බන්ධ විමර්ශනයේ දී තරග පාවාදීමට අදාලව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් අධිකරණය හමුවේ පැවසුවේය. (Sri Lanka Latest News)
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ සචිත්‍ර සේනානයකගේ තරග පාවදීමේ නඩුව කැඳවූ අවස්ථාවේ දීය.
සචිත්‍ර නැවත ඊයේ (15) උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සචිත්‍ර විසින් ධම්මික ප්‍රසාද්ට යවන ලද වට්ස් ඇප් පණිවුඩයක් උපුටා දැක්වීය.
එසේ උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කළේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු මෙන්ම ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ද “මේ දේ කරන “ බවට සචිත්‍ර සිය වට්ස් ඇප් පණිවුඩයෙන් ධම්මික ප්‍රසාද්ට දන්වා ඇති බවය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (15 ) සචිත්‍රව ලබන 25 තෙක් නැවත රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.
එමෙන්ම ලබන 19 දා බන්ධනාගාරයට ගොස් සචිත්‍රගෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් ගැනීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීම සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අවසර ලබාදීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.
lankasara










