අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) දිවයිනට පැමිණියා.Sri Lanka Latest News
පෞද්ගලික සංචාරයක් සඳහා නාමල් රාජපක්ෂ ඊයේ (28) දිවයිනෙන් පිට වුණා.
ඔහු ඊයේ පෙරවරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින බලා පිටත්ව ගිය ගුවන් යානයේම පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
මේ අතර ඔහු අද දින මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වනවා.
2017 වසරේදී හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව පැවති විරෝධතාවයකදී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂධ මහආරච්චි විසින් මන්ත්‍රිවරයාට ඊයේ වරෙන්තු නිකුත් කළා.
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇප මත මුදාහැරුණා.
කෙසේ වෙතත්, ඊයේ මෙම නඩුව යළි කැදවූ අවස්ථාවේදී මන්ත්‍රිවරයා නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.










