නියගයෙන් පීඩාවට පත් ගොවීන්ට සමනල වැව සිට උඩවලව ජලාශය දක්වා ජලය නිකුත් කිරීමට ගත් තීරණය වෙනුවන් ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට තමා ස්තුති කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.Sri Lanka Latest News
ඒ වගේම මේ ගොවීන් වෙනුවෙන් හඩනැගූ පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියළු දෙනාටම ස්තුති කරන බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
නියගයෙන් පීඩාවට පත්ව තම වගාවන් හානි වූ ගොවීන්ටත් සහන ලබා දීමට කටයුතු කරන ලෙසටත් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
විශේෂයෙන්ම ගොවීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිලිබදවත් නාමල් රාජපක්ෂ සිය සතුට හා ස්තුතිය ප්‍රකාශ කර සිටියේය.
නියගය පිලිබදව නිවැරැදි තක්සේරුවක් කර එයින් වන හානි අවම කර ගැනීමට හා නිසි කලමණාකාරීත්වයක් පවත්වාගෙන යාමට කටයුතු කලයුතු බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දුන් අතර ඒ සදහා අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හා තමා සූදානම් බවද ප්‍රකාශ කලේය.










