අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.Sri Lanka Latest News
මේ අතර මහාධිකරණ විනිසුරු එම්.සී.බී. සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක් විය.












