• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලතුවක්කු-කැටපෝල ගැන කියපු ලාල්කාන්තට නාමල්ගෙන් ජිල්බෝල පාඩමක්! I Sri Lanka Latest News

January 23, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
‘මිහින්තලේ වනචාරියා’ කතාවට ලාල්කාන්තට ICCPR පනත යටතේ නඩු? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලාල්කාන්ත හිතනවානම් තර්ජනය කරලා බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න මහා සංඝරත්නයට අගෞරව කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ඒ වගේම රජයේ නිලධාරීන් බය කරගෙන නීතිපති දෙපාර්තමේන්තුව බය කරගෙන අධිකරණ පද්ධතිය බය කරගෙන යන්න එය සිහිනයක් පමණක් බව නාමල් රාජපක්ෂ පැවසීය. Sri Lanka Latest News

ලාල්කාන්තට අදාල නැති වෙන්න පුළුවන් වුවත් රටට අදාල බවද නාමල් රාජපක්ෂ පැවසීය.

එතුමා කියලා තියෙනවා කැට පෝලෙන් ගහන්න පුළුවන් ඒවට කාලතුවක්කු පාවිච්චි කරන්නේ නෑ කියලා.ඉතිං එතුමාට කියන්න තියෙන්නෙත් අපි ජිල් බෝලෙන් ගහන්න පුළුවන් ඒවටත් කැට පෝලේ පාවිච්චි කරන්නේ නෑ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“අපි පක්ෂයක් විදියට අපේ වැඩපිළිවෙළ වෙනදා හා සමානව ඉතා සාර්ථකව ඉදිරියට යනවා.ඉතින් ඒ අනුව විශාල පිරිසක් පක්ෂය එක්ක එකතුවෙමින් පවතිනවා ඒ වගේම පහුගිය කාලසීමාව තුළ යම් දේශපාලන කාරණා නිසා දුරස් වෙලා හිටපු බොහෝ පිරිසක් දැන් ශක්තිමත්ව අපේ වැඩපිළිවෙළ එක්ක එකතු වෙලා ඉස්සරහට යනවා.

මම පැහැදිලිවම ප්‍රතිපත්ති එක්ක කටයුතු කරන්නේ.අපි පක්ෂයක් විදියට පහුගිය කාලේ අපි දේශපාලන තීන්දු ගත්තා ඉතිං ඒ දේශපාලන තීන්දු එක්ක අපි ඈත් වුණා ඉතිං ඒ ඈත් වෙච්ච ගමන තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන ගමනට හා සමානව අපි දුරස් වෙලා හිත් බිඳීම් වෙච්ච අය ඇති හිත් පමණාපකම් වෙච්ච අය ඇති ඉතිං ඒ අය සියලු දෙනාම එකතු කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් පැහැදිලිවම වෙනසක් වෙන්න ඕනේ.හැබැයි ඒ වෙනස ජේවීපී එකට ඕන වෙනස නෙවෙයි.මේ රටේ දරු පරම්පරාවට අවශ්‍යය ආකාරයට අධ්‍යාපනයේ වෙනසක් වෙන්න ඕනේ.හැබැයි ඉතින් ආණ්ඩුවට අමතක වෙලා තමන් ආණ්ඩුවේ කියලා.ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව උද්ඝෝෂණය කරන්න පටන් අරන් ආණ්ඩුව ආණ්ඩුව වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා.සමහරුන්ට පරණ පුරුදු අමතක කරන්න බෑ. බලයට ඇවිල්ලත් තමන්ගේ පාක්ෂිකයා මහ පාරට බස්සලා උද්ඝෝෂණය කරනවා.

මට දැනෙන විදියට නම් ඔවුන්ගේ බලාපොරොත්තුව පරණ පුරුදු විදිහටම උද්ඝෝෂණය කරන එක.දැන් අපි දැක්කනේ පහුගිය කාලේ විපක්ෂය උද්ඝෝෂණය කරාමත් ආණ්ඩුව එතන එහා පැත්තේ උද්ඝෝෂණය කරනවා.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවුරුවත් එපා කිව්වෙ නෑනේ.හැබැයි අර වෙබ් අඩවිය දාපුවා වගකීම් බාරගන්නන කවුද විෂය නිරිදේශ සම්බන්ධයෙන්. ඉතින් මේ කාරණා ගැන ප්‍රශ්න කරාම ආණ්ඩුව ඒවටත් උද්ඝෝෂණය කරනවා.අනිත් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා බලපෑම් කරන්න උද්ඝෝෂණය කරන්නත් ආණ්ඩුව කටයුතු කරනවා.ඉතිං ඒ තැනට ආණ්ඩුව පත් වෙලා.ඉතින් ආණ්ඩුව තේරුම් ගන්න ඕන ඔබතුමන්ලා ඉන්නේ විපක්ෂයේ නෙවෙයි ආණ්ඩුවේ.ඉතිං පරණ පුරුද්දකට වගේ ආණ්ඩුව හැමදේකටම උද්ඝෝෂණය කරන්න පටන් අරගෙන තියෙනවා.

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි.අපි අපේ දේශපාලනය කරනවා. ඒක ආණ්ඩුවේ තර්ජන වලට හිර ගෙවල් පෙන්නලා භය කරලා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරත් ඒ න්‍යාය පත්‍ර ඇතුලේ අපේ දේශපාලන ගමන නවත්වන්න බෑ.ඉතින් ඒ හින්දා තමයි අද අපි පක්ෂයක් විදියට ශක්තිමත් වෙලා ඉස්සරහට යන්නේ හැබැයි ඉතින් ආණ්ඩුව ජනතාවගේ පණිවිඩය කියවා ගත යුතුයි.කනගාටුවට කාරණය තමයි ආණ්ඩුව ජනතාව දෙනත් පණිවිඩය කියවා ගන්න බැරිවෙලා තියෙනවා.ඒක පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට පැහැදිලිවම පෙන්නුවා.ඉතින් තවදුරටත් ආණ්ඩුව ඒක කියවා නොගත්තොත් ඉදිරි මැතිවරණ වලදී ජනතාව ඊට වඩා දරුණු පිළිතුරක් ලබාදෙයි.

දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න කියලා අපි උද්ඝෝෂණය කරන්න ඕනෙ නෑනේ ආණ්ඩුවෙන්ම කරනවනේ.රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. කන්ටේනර් 323 ක පන්නපු කෙනා අල්ලන්න ඕනේ.ගංජා වවපු කෙනා අල්ලන්න ඕනේ වටලපු කෙනා නෙවෙයි.පස් කපපු අය අල්ලන්න ඕනේ.ගල් අඟුරු ටෙන්ඩරෙන් වංචා කරපු අය අල්ලන්න ඕනේ.හාල්මාෆියාවෙන් ආණ්ඩුවේම අය පිටරටින් හාල් ගෙනල්ලා සල්ලි හම්බ කරන අය ඉන්නවනම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.ඉතින් මේ හැම කාරණයක්ම වෙන්නඕනේ.ආණ්ඩුවම නීතිපති කාර්යාලය ඉස්සරහ උද්ඝෝෂණය කරනවනම් විපක්ෂයට කරන්න දෙයක් නෑනේ.පරණ පුරුද්ද අත ඇරගන්න බෑනේ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.ආණ්ඩු බලයේ ඉඳලත් ඒ අය උද්ඝෝෂණය කරනවා.

එතුමන්ලාගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුළේ කිසි කෙනෙක් අදාල නැති කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැති දේශපාලනයක් තියෙන්නේ. ලාල්කාන්ත හිතනවානම් තර්ජනය කරලා බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න මහා සංඝරත්නයට අගෞරව කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ඒ වගේම රජයේ නිලධාරීන් බය කරගෙන නීතිපති දෙපාර්තමේන්තුව බය කරගෙන අධිකරණ පද්ධතිය බය කරගෙන ඒකනේ කවුරුත් අදාල නෑ කිව්වේ. තමන්ට අදාල නැති වෙන්න පුළුවන් පුළුවන්. ඒත් රටට අදාලයි රටේ පැවැත්මට අදාලයි.මම දැක්කා එතුමා කියලා තියෙනවා කැට පෝලෙන් ගහන්න පුළුවන් ඒවට කාලතුවක්කු පාවිච්චි කරන්නේ නෑ කියලා.ඉතිං එතුමාට කියන්න තියෙන්නෙත් අපි ජිල් බෝලෙන් ගහන්න පුළුවන් ඒවටත් කැට පෝලේ පාවිච්චි කරන්නේ නෑ.

අපිට වඩා ඔය බය රටේ සාමාන්‍ය ජනතාවට දැනෙනවා.මොකද හැමදාම රටේ කොහේ හරි තැනක සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙඩි තියලා ජීවිතයක් දෙකක් නැති කරනවා. සංවිධානාත්මක අපරාධ පිටිපස්සේ පැහැදිලිවම මේ ආණ්ඩුව ඉන්නවා මම මීට කලිනුත් කිව්වා.මොකද ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධකරුවෝ ඉන්නවා.අද ආණ්ඩුව මත්ද්‍රව්‍ය අල්ලනවා කියනවා.හැබැයි ඔබ බැලුවොත් මත්ද්‍රව්‍ය කිලෝ ගණන් අල්ලපු හැම නිලධාරියෙක්ටම ස්ථාන මාරු දීලා තියෙනවා.මත්ද්‍රව්‍ය වැඩියෙන්ම වැටලීම් කරපු හැම නිලධාරියෙක්ටම ආණ්ඩුව ස්ථාන මාරුවීම් දීලා තියෙනවා. ඇයි ඒ තමන්ගේ ආණ්ඩුවට සහයෝගය දෙන සංවිධානාත්මක අපරාධකරුවෙන්ගේ මත්ද්‍රව්‍ය හෝ සංවිධානාත්මක අපරාධයක් ඇල්ලුවොත් ඔහුව ඒ තැනින් ඉවත් කරලා දානවා.වරාය කන්ටේනර් 323 ක් පැන්නුවම අල්ලන්න බෑ.හැබැයි වරායේ හොරාට සිගරට් ගෙනාපු කෙනාව අල්ලපු නිලධාරියව මාරු කරා.ඒ වගේම පහුගිය කාලේ නාකොටික් එකේ හිටපු නිලධාරීන් කී දෙනෙක්ට ස්ථාන මාරුවීම් දීලා තියෙනවද මත්ද්‍රව්‍ය ඇල්ලුවම.ආණ්ඩුව හිතනවනම් ලාල් කාන්ත ඇමතිතුමා වෙන්න පුළුවන්, ජනාධිපතිතුමා වෙන්න පුළුවන් හිතනවනම් බය කරලා ආණ්ඩුව කරන් යන්න ඒක හරි යන්නෙ නෑ.

SendShareShare
Previous Post

ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් අස්වෙයි! ඒකත් පෞද්ගලික හේතුවක්ලු!  I Sri Lanka Latest News

Next Post

කෝටි හතරහමාරක් ගැන කියන්න බැරි වෙලා! අල්ලස් කොමිසම අනූෂ පැල්පිටව අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.