ගිවිසුමක් නොමැති එකඟතාවයක් නොමැති අවසන් වී නොමැති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මෙසේ ද පැවැසීය
‘‘විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් ජනාධිපතිවරයා ලබාදීමට කටයුතු කළේ නෑ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් ජනාධිපතිවරයා සතුව නොමැති නිසා තමයි ඔහු විවාදයක් පවත්වන්න කටයුතු නොකළේ.
ණය ප්‍රතිව්‍යුගතකරණය කිරිමේ යෝජනාව මුදල් කාරක සභාව හරහා අනුමත කර දෙන ලෙස හර්ෂ ද සිල්වා මහතාගෙන් ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ අවස්ථාවේ හර්ෂ ද සිල්වා මහතා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් ලියවිල්ලක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ඇති කරගත් එකගතා සම්බන්ධයෙන් ලියවිල්ලක් ඉදිරිපත් කළහොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ප්‍රකාශයක් නිකුත් කරන්න මුදල් කාරක සභාව සූදානම් බවත් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් ණය ප්‍රතිව්‍යුගතකරණය කිරිම සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් රජය සතුව නෑ.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයේ සඳහන් වෙනවා තව නොබෝ දිනකින් සියලු කාර්යයන් සිදුකරගැනීමට අපෙක්ෂා කරනවා කියලා. තවම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරලා නෑ කියලයි ඒ ප්‍රකාශයෙන් කියවෙන්නේ. ඉන්පසු ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සියලු ගිවිසුම් හා ලියවිලි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන කරනවා කියලත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ වලින් පැහැදිලි වෙනවා ජනාධිපතිවරයා සිදුකරලා තිබෙන්නේ බොරුවක් බව. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට රජය පැමිණිලා නෑ. මේ ‘ආරංචිය සුබයි‘ ප්රචාරක ව්‍යාපාරයේ තවත් කොටසක්. මේ ආකාරයට බොරු පුවත් මවමින් රවට්ටන්න උත්සහ කරන්නේ රටේ ජනතාව. තව නොබෝ දිනකින් සියලු කාර්යයන් සිදුකරගැනීමට අපෙක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසුවත් නිශ්චිත දිනයක් සඳහන් කරන්න අපොහොසත් වෙලා තිබෙනවා.
ජනාධිපතිවරයා රට බංකොලොත් භාවයට පත් කළ පිරිස සමඟ තමයි ආණ්ඩුව ගෙන යන්නේ. මේ පිරිස සමඟ තව පෝය තුනයි ජනාධිපතිවරයාට මේ ගමන යන්න තිබෙන්නේ. ඉන්පසුව වර්තමාන ආණ්ඩුව කඩාගෙන වැටෙනවා. කාඩාගෙන වැටෙන රට බේරාගන්න හැකියාව තිබෙන්නේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජනබලවේගයේ කණ්ඩායමට පමණයි. වර්තමාන ආණ්ඩුව කඩාගෙන වැටුනට රට කඩා වැටෙන්න සමගි ජනබලවේගය ඉඩ තියන්නේ නෑ.
ගිවිසුමක් නැති එකඟතාවයක් නැති අවසන් වී නොමැති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව රටේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරන්න එපා කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන්න කොපමණ කාලයක් ගතවෙයිද කියලා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට අදහසක් නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවසන් එකඟතාවලට පැමිණිලා නෑ. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තවම තිබෙන්නේ සාකච්ඡා මට්ටමේ. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඇති කරගත යුතු එකඟතාවලට පෙර ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වලට අවශ්‍ය අමුද්ය තමයි දැන් දැන් එළියට එන්නේ.‘‘