මුලතිව් මල්ලාවි පෙරියමඩු වැව ආශ්‍රිතව පිහිටා තිබූ වසර දෙදහසකටකට වඩා ඉපැරණි ඓතිහාසික වාරි පද්ධතියක් කිසියම් පිරිසක් විසින් විනාශ කොට දමා තිබේ. (Sri Lanka Latest News)
මුලින්ම මෙම වාරි පද්ධතිය කඩාබිඳ දමා වළවල් හාරා ඇත්තේ ඉතා පිළිවෙළකට අසුරා තිබූ ගල් තට්ටුවලට යටින් නිධන් වස්තු ඇති බවට සැක කළ නිධන් හොරු පිරිසක් විසින් බව පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කරයි.
පසුව එම ස්ථානයේ කෝවිලක් ඉදිකිරීම සඳහා ගල් පේළි ඉවත් කොට කෝවිලක් ඉදිකිරීමට මූලික පදනමක් යොදා ඇති ආකාරය එහි ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට දැකගැනීමට හැකිව තිබේ.
මේ අතර තවත් කිසියම් පිරිසක් විසින් ඔවුන්ගේ කළුගල් අවශ්‍යතාවන් සඳහාද වාරි පද්ධතියේ අසුරා තිබූ කළුගල් රැගෙන ගොස් තිබේ.
යුද සමයේද මේ ස්ථානය කිසිදු විනාශයකට ලක්ව නොතිබූ බවත් මේ ස්ථානයට පෙරියමඩු ප්‍රදේශයේ වැසියන් ඉතා ආදරය කළ බවත් එම ගම්මානයේ වැසියෝ පුරාවිද්‍යා නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇත.
මෙම ගල් පේළි ඇතිරූ ස්ථානය කෙළවරේ හින්දු කෝවිලක් ඇති බවත් ඊට වන්දනාමාන කිරීමට ගම්මානයේ හින්දු බැතිමතුන පුරුදුව සිටියේ මීට වසර 100කටත් වඩා ඈත කාලයක සිට බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.
lankasara