• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

AKD ඔයා මේ ගැන දැනුවත්ද? මඩුපාර වනෝද්‍යානය රකින්න ගිය නිලධාරියා වරදකරු කළ වනජීවියේ කැකිල්ලේ තීන්දුව මෙන්න…! Sri Lanka Latest News

December 3, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
AKD ඔයා මේ ගැන දැනුවත්ද? මඩුපාර වනෝද්‍යානය රකින්න ගිය නිලධාරියා වරදකරු කළ වනජීවියේ කැකිල්ලේ තීන්දුව මෙන්න…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මඩුපාර ජාතික වනෝද්‍යානය තුළ පිහිටා තිබෙන කාපට් කරන ලද විසල් මාර්ගය දෙපස යටි කැලය කපන්න කියලා වනජීවී එකම අරුම පුදුම අවසරයක් නිකුත් කළා. ඒ? 2024.06.05 වැනිදා. එම අවසරය තුළින් ඉතාම සුක්ෂ්මව නිලධාරිනුත් බේරිලා එහෙත් කැලයත් වනසන්න පුළුවන් ආකාරයට තමයි ලිපිය දීලා තිබුණේ. ලිපියේ වැරැදිසහගත හා අපැහැදිලි කරුණු කිහිපයක්ම අන්තර්ගතව තිබුණා. ලිපියේ එක තැනක තිබුණා අභයභූමිය කියලා ලියලා. ඇත්තටම මෙය ජාතික වනෝද්‍යානයක්. ඒකවත් සිහිබුද්ධියෙන් බලන්න වනජීවියට අමතක වෙලා. (Sri Lanka Latest News)

ඒ වංගියේ මේ ලිපිය පෞද්ගලික පාර්ශ්වයකට නිකුත් කරන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නේ එවක ජනාධිපතිව හිටපු රනිල් වික්‍රමසිංහ බව ප්‍රසිද්ධ රහසක්. ඒ ඡන්ද ටිකක් මංකොල්ලකන අදහසින්. දේශපාලකයන් කිව්වම වනජීවී මුල් පුටු වෙව්ල වෙව්ල වැඩ කරන්නේ.

කොහොම වුණත් මේ ඊනියා අවසරය සහිත ලිපිය ලද විගස ආදාළ පෞද්ගලික පාර්ශ්වය යටි කැලය ඉවත් කිරීම වෙනුවට පාර දෙපස සම්පූර්ණයෙන්ම විශාල ඩෝසර් යන්ත්‍ර යොදා විනාශ කිරීම ආරම්භ කළා. අවසර ලිපියේ ඒ ගැන නිවැරැදි අර්ථ දැක්වීමක් තිබුණේ නැහැ. ලිපියේ හිතාමතා වංචනිකවම දක්වා තිබුණේ කැලය කැපීමට යොදාගත යුත්තේ කුඩා යන්ත්‍ර කියලා. එක් අයකුට කුඩා යන්ත්‍රයක් තව අයකුට කුඩා නොවෙන්න පුළුවන්. මෙවැනි ලිපියක නිශ්චිතව එවැනි දෑ දැක්විය යුතුයි කියලා අප කියන්නේ ඒ නිසයි. එහෙත් වනජීවිය එය හිතාමතා මගහැර තිබුණා. මේ මහා විනාශය දරාගත නොහැකිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු මගට ගියා. වනජීවී දෙපාර්තමේන්තුව අවසර දුන්න එකට එරෙහිව තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උසාවි ගියේ. මොකද මේ වෙන්න යන විනාශය ගැන එයාලාට තේරුණා. ඒකට වන සංරක්ෂණ එකට අප ස්තුතිවන්ත විය යුතුයි.

පාර දෙපැත්තේ යටි කැලය කපනවා කියන්නේ එකක්, පාර දෙපස ඩෝසර් කරනවා කියන්නේ තව එකක්. සාමාන්‍යයෙන් යටි කැලය කපනවා කියන්නේ (Underbrush) අඩි 10ක් පමණ වන තරමේ සිට සියලු ලොකු ගස් ඉතුරු කරමින් යටි වගාව ඉවත් කිරීම. එතැනදී පොළොව ඩොසර් කිරීමක් සිදුවෙන්නේ නැහැ. මේ ආකාරයට ඩෝසර් කළ විගස සිද්ධ වෙන්නේ ආක්‍රමණශීලී ගිනි තණකොළ වැනි දෑ වැවීම. එමගින් අලි ඇත්තු මාර්ගයට එන එක වේගවත් වෙනවා.
ඔය අතරවාරයේ තමයි මේ වෙන විනාශය දරාගත නොහැකිව වනජීවී අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකා්න් තම සමාජ මාධ්‍ය ගිණුමේ මේ විනාශය ගැන සඳහන් කරන්නේ. ඔහු වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ සභාපතිවරයා හැටියට තමයි එම ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ. පිළිගත් වෘත්තීය සමිති ප්‍රධාන නිලධාරීන්ට පුළුවන් එවැනි ප්‍රකාශ නිකුත් කරන්න. ඒත් දැනගන්න තියෙන ආකාරයට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඔහුට විනය පරීක්ෂණයක් තියලා වරදකරු කරලා වැටුප් වර්ධකත් නතර කරලාලු වනජීවියේ අසමසම ලොක්කෝ. මේක කැකිල්ලේ තීන්දුවක්. මේ ගැන කුමාරසිරිගෙන් අහන්න අප උත්සාහ කළත් ඔහුව දුරකතනයට සම්බන්ධ කරගන්න හැකි වුණේ නැහැ.

කුමාරසිරි ගැන නොදන්න අයටයි මේ ටික පහත පළකරන්නේ.
කුමාරසිරි විජේකෝන් කියන්නේ වනජීවියේ ඉන්න අතිදක්ෂ නිලධාරියෙක්. ඔහු තමයි හිටපු ඇමැති විමලවීර එක්කත් පැටලිලා රාජකාරිය අකුරටම කළේ පොඩ්ඩක්වත් බය නොවී. ඒ සිදුවීම මතක ඇති ඔබට.

ඒ වේලාවේ විමලවීර කුමාරසිරිගෙන් ඇසුවා ‘ඇයි තමුසේ ලොකු ටෝක් දෙන්නේ, ලොක්කෙක්ද…?’ කියලා.
එදා විමලවීර දන්නේ නැති නිසා මේ ටික අපි එදාත් ලිව්වා. ඒ වනජීවී නියෝජ්‍ය ඇමැතිට දැනගන්න. අදත් ඒ කතාව වලංගුයි. අද මේ ටික ලියන්නේ වනජීවී අධ්‍යක්ෂගේ ඉඳන් පහළට දැනගන්න. අලුත් ජනාධිපතිට හා පරිසර ඇමැතිට දැනගන්න.

කුමාරසිරි විජේකෝන් වනජීවියට බැඳෙන්නේ 2000 වර්ෂයේ දී. ඒ වනජීවී නියාමකයෙක් ලෙස. වසර 20කට පසු ඔහු අද තුන්වැනි ශ්‍රේණියේ අඩවි ආරක්ෂකයෙක්. තවමත් තියෙන්නේ පොඩි පඩියක් විජේකෝන්ට. ඇමැතිවරුන්ට වගේ යානවාහන නෑ. අතට පයට සේවකයෝ නෑ.

කොහොම වුණත් මේ ටිකත් කියන්නම්. විජේකෝන් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ අනවසර පදිංචිකරුවන් ඉන්න ගම් පිටින් නඩු කියලා ඉවත් කළ අයෙක්. එක ගමක පවුල් 51ක් හිටියා. විජේකෝන් 51කම ඉවත් කළා නඩු මගින්. ජල ගැලුම් නිම්නේ.

ඒ වගේම තමයි වෙහෙරගොඩයායේ අනවසර වගාකරුවන් 219ටම නඩු දැම්මේ විජේකෝන්. ඒ නඩුත් දින්නා. මේ හරහා බේරාගත් වන අක්කර ප්‍රමාණය අක්කර 4000කට වැඩි මිසක් අඩු නැහැ. වන අක්කර පිටින් ලොක්කන්ට බිලිදෙන මජර නිලධාරීන් එහෙව් විජේකෝන්ගේ පඩිය කපන්නේ.

2005 වර්ෂයේ දී පොළොන්නරුවේම ඉන්නකොට ඒ වනජීවී බීට්ටුවට මැර ප්‍රහාරයක් එල්ල වුණා. අප දන්නා පරිදි ප්‍රහාරය පිටුපස හිටියේ මැණික් මුදලාලිලා වගයක්. ඒ ප්‍රහාරයේදී එක් වනජීවී නිලධාරියෙක් ජීවිතය පුජා කළා. එච්.ඒ. ධනසිරි ඒ නිලධාරියාගේ නම. එතැන හිටපු ඉතිරි තුන්දෙනාත් තුවාල ලැබුවා.
විජේකෝනුත් එතැන හිටියා. විජේකෝන්ට පහර දුන් මැරයෝ ඔහුව ට්‍රැක්ටරයක පිටුපස නංවාගෙන පාරට ගෙනාවා. ඔහු හිටියේ සිහිසුන්ව. කකුල් දෙකම කඩලා තිබුණේ. පස්සේ ඔවුන් ට්‍රැක්ටරයේ පිටුපස ඔසවා විජේකෝන්ව පාරට දැම්මා. ඉන් පසුව බස් රථයකට යටකරන්නයි හැදුවේ. පූරුවේ පිනකට බස් රථයක් ආවේ නැහැ.

මාස හයක් ඔහු ඇඳේ හිටියා. අග්‍රහාර රක්ෂණයෙන් ඔහුට වන්දි වශයෙන් ලැබුණේ රුපියල් තුන්දහස් ගණනක් විතරයි. ඔහු ලියුම් දෙකකින්ම ඉල්ලුවා ඒ මුදල වනජීවී අරමුදලට බැරකරන්න කියලා. විජේකා්න් එහෙම කෙනෙක්.

ඒ විතරක් නෙවෙයි. 2011.11.25 දින එවක පොළොන්නරුවේ හිටපු දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් අගැයීමේ ලිපියක් ලැබුණා විජේකෝන්ට. පොළොන්නරුවේ වැලි ජාවාරම නතර කිරීම වෙනුවෙන් එම ලිපියෙන් ඔහුට ස්තුති කරලා තිබුණා. ‘230 – බී’ ආකෘති පත්‍රයට අනුව එය පුරවා තිබුණේ. එහි පිටපතක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ටත් යවා තිබුණා. නමුත් වනජීවී එකෙන් කවදාවත් ඔහුගේ සේවය අගය කරලා ලියුමක් නම් ආවේ නැහැ.

2005 අප්‍රේල් 23 වැනිදා වනජීවී නිලධාරීන් පිරිසක් වෙස් වළාගෙන කොටි පාලන ප්‍රදේශයකට ගොස් ඉතා රහසිගත මෙහෙයුමක් සිදුකළා ජීවිත පරදුවට තියලා. ලංකාවේ මෙතෙක් එක් වරකදී අත්අඩංගුවට ගත් වැඩිම ඇත්දළ හා පණුදළ ප්‍රමාණය අල්ලා ගත්තෙත් එම මෙහෙයුමේදී. ඒ ජෝඩු 16ක්. ඒ කියන්නේ අලි ඇත්තු 16 දෙනකුගේ.

මෙවැනි සංවිධාන ගත වනජ අපරාධ රැසක් මේ නිලධාරියා මුල් වෙලා ඇල්ලුවා.ඒත් වනජීවියෙන් ඒ ක්‍රියා අගය කරලා ලියුමක්වත් එවලා නැහැ.නමුත් මුහුණු පොතේ දාපු ඇත්ත ප්‍රකාශයකට වැටුප් වර්ධක කපන්න තරම් වනජීවිය පිරිහිලා. විජේකෝන් රකින්නේ එයාගේ පෞද්ගලික දේපළක් නෙමෙයි. ඔහු රකින්නේ අනාගත පරපුරේ හුස්ම පොද. එහෙම මිනිහෙකුට මෙහෙම කරපු තිරිසන්නු කවුද?

ජනාධිපති අනුර දිසානායකට අපි කියන්නේ, වහාම මේ ගැන සොයා බලන්න. ඔබගේ ආණ්ඩුව යටතේ තමයි මේ අනීතික නියෝගය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. නව ආණ්ඩුවේ පරිසර අමාත්‍යවරයා වශයෙන් පත්වුණේ වෛද්‍ය ධම්මික පටබැඳි මහතා. වහාම මේ ගැන සොයාබලා සාධාරණය ඉෂ්ට කරන්න කියලා අපි ඔහුටත් බල කරලා කියන්න කැමැතියි. මේ අනීතික තීරණය ආපස්සට හැරවිය යුතුම එකක්. අපි එතකන් සටන් කරනවා.

නයනක රන්වැල්ල

SendShareShare
Previous Post

‘හොඳින් මතක තියාගන්න! ජාතිවාදයට කිසිසේත්ම ඉඩදෙන්නේ නෑ!’ ජනපති අනුර කියපු දේම අගමැතිනි හරිනිත් පාර්ලිමේන්තුවේදී කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තු ඇවිල්ලා අනුන්ගේ පුටුවල වාඩිවෙලා ටික්ටොක් කරන මන්ත්‍රී! එයාට ගමට ගිහින් ටික්ටොක් කරගන්න කියන්න! මේක පාර්ලිමේන්තුව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.