• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්නන්ගර මැතිතුමනි ඉන්න තැනකින් එන්න දරුවො දුක් විඳිනවා…

July 10, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
කන්නන්ගර මැතිතුමනි ඉන්න තැනකින් එන්න දරුවො දුක් විඳිනවා…
Share on WhatsAppShare on Facebook

ගලෙන්බිඳුණුවැව දරුවන් පාසල් යන්න බස් රථයක් එනකන් බලන් හිටියා. පැය ගණනක් ගතවුණත් බස් එකක් ආවේ නැහැ. ඉස්කෝලේ ගියේ නැත්නම් පාඩම් මඟහැරෙනවා. මේ දරුවන්ට කොළඹ දරුවන්ට වගේ ඔන්ලයින් ඉගෙනගන්න පහසුකම් නැහැ. ගම්වල දරුවන්ගේ වැඩිහරියක් මවුපියන්ට යහමින් මුදල් නැහැ. ඒ නිසා දරුවන් මෙහෙම අසරණ වෙනකොට ඒ මවුපියන්ට ඒක දරාගන්න බැහැ. එදා වේලවත් මොවුන්ට සොයාගන්න බැරිව අසරණ වෙලා. රටේ බලධාරීන් මොවුන්ගේ ආර්ථිකය බින්දුවටම ඇද දමලා. අපේ රටේ දරුවන් පරම්පරා ගණනක් නිදහස් අධ්‍යාපනය ලැබුවා. ඒ ගැන බොහෝ දෙනා කතා කළා. නමුත් අද වන විට කෝ ඒ පුරාජේරු කතා…?

පසුගියදා කැබිතිගොල්ලෑවෙන් ඇසුණේ හද කම්පාවන කතාවක්. මේ අහිංසක දරුවන් උදේ පාන්දරම බස්නැවතුම් පොළට ආවේ කොහොම හරි බස් රථයකට ගොඩ වී පාසල් යනවා යැයි සිතාගෙන. පැය ගණන් බලා සිටියත් මේ අහිංසක දරුවන්ට පාසල් යන්නට බස් රථයක් පැමිණියේ නැහැ. කාලය වේගයෙන් ගතවුණා. පාසල ආරම්භ වන වෙලාවත් පසුවෙමිනුයි තිබුණේ. ඒත්, පේන තෙක්මානයක වාහනයක් දකින්නවත් නැහැ. එහෙත් මේ දරුවන් පාසල් යාමේ බලාපොරොත්තුව අත්හලේ නැහැ. දෑස් යොමා බලන් සිටින අතරවාරයේ ලොරි රථයක් පැමිණියා. දරුවන් බෑග් එල්ලාගෙන සිටිනු දුටු ලොරි රථ රියැදුරාට දැනුණේ මහා වේදනාවක්. ඔහු එම දරුවන් ලොරි රථයට නංවා ගත්තේ කිසිදු මුදලක් අය නොකර ඔවුන් පාසලට ඇරලවීමේ බලාපොරොත්තුවෙන්.

එහෙත් මේ ලොරි රථයේ එක් කොටසක් දිරාපත්ව ඇති බව එහි රියැදුරුට ඒ මොහොතේ සිතෙන්නට නැතිව ඇති. දුෂ්කර මඟ දිගේ ඉදිරියට ඇදෙද්දී ලොරි රථයේ තට්ටුව කඩාවැටුණේ ඒ දිරාපත් කොටසද සමගයි. ඒත් සමගම මේ අහිංසක දරුවන්ගේ බලාපොරොත්තු බොඳවී ගියා. මේ අනතුරෙන් දරුවන් 37 දෙනකු තුවාල ලැබුවා. ඉන් දරුවන් 13 දෙනකු අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා. සෙසු දරුවන් ගලෙන්බිඳුණුවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කරන්නට ප්‍රදේශවාසීන් පියවර ගත්තා.

මෙසේ අනතුරට ලක්වුණේ ගලෙන්බිඳුණුවැව තක්ෂිලා විද්‍යාලයේ පහළ ශ්‍රේණිවල දරුවන් පිරිසක්.

අනතුරෙන් මේ දරුවන්ගේ හිසට කොයිතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද? ඔවුන් හිස දෑතින් බදාගෙන සිටින්නේ ඒ වේදනාව නිසයි. යම් හෙයකින් මේ දරුවන්ගෙන් කිහිප දෙනකු මේ අනතුරෙන් දිවියෙන් සමුගත්තා නම් ඔවුන්ගේ මවුපියන් පත්වන්නේ මොන තරම් ඛේදනීය තත්ත්වයකටද? අකාර්යක්ෂම පාලකයන්ගේ අදූරදර්ශී පරිපාලනය නිසා අද රටම අඳුරෙන් අඳුරට පත්වෙලා. කුඩා දරුවා පවා ඊට වන්දි ගෙවන්නේ මේ වගේ දුක්ඛිත ලෙසයි. ඒ වගේම පාසල් යන දරුවන්ට උදව් කරන්නට ගොස් මේ ලොරි රථයේ රියැදුරු මහතා මහා අකරතැබ්බයකටයි මුහුණපා සිටින්නේ. දරුවන්ට උපකාර කිරීමට යෑමේ වන්දිය ඔහුට ගෙවන්නට සිදුවෙලා තිබෙන්නේ උසාවිවල, පොලිසිවල රස්තියාදු වෙමිනි.

යම් රටක් දියුණුවට පත්වන්නට නම් එම රටේ ප්‍රවාහන පද්ධතිය ක්‍රමවත් විය යුතුයි. රටේ සියලු ක්ෂේත්‍ර කාර්යක්ෂමව කටයුතු කරන්නට ප්‍රවාහන පද්ධතියේ බලපෑම සුළුපටු නැහැ. අවම වශයෙන් දරුවන්ට නියමිත වෙලාවට පාසල් යන්නට පොදු ප්‍රවාහන සේවා යෙදවීම සිදුකිරීම බලධාරීන්ගේ වගකීමක්. නමුත් අපේ රටේ දුෂ්කර ප්‍රදේශවල තවමත් ඒ අවම පහසුකමවත් නිර්මාණය වී නොතිබීම කනගාටුවට කරුණක්. ඒ නිසාමයි මේ අහිංසක දරුවන් පිරිස තම දිවි පරදුවට තබා පාරේ ගමන් ගත් ලොරියකට ගොඩවුණේ.

දුෂ්කර ගම්වානවල දරුවන් කිලෝමීටර් ගණන් දුර ගෙවාගෙන පාගමනින්ම පාසල් යනවා. ඒ, බස් රථවලට දෙන්නට ඔවුන් සතුව මුදල් නොමැති නිසා.

අරාජික වුණු අපේ රටේ ඉන්ධන අර්බුදය දිනෙන් දිනම අහිංසක ජීවිතවලට ගෙනදෙන දුක්කරදරවල නිමාවක් නැහැ.

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අඩුකර තිබීම නිසා මගීන් දහස් ගණනක් ඉතා අනතුරුදායක ලෙස දුම්රිය මැදිරිවල දෙපස එල්ලී, වහල සහ එන්ජිම මත නැගී ගමන් කරනු පසුගිය දිනවල දැකගන්නට ලැබුණා. එවැනි මාරාන්තික දුම්රිය ගමනකදී යම් ඇදවැටීමක් සිදුවුණා නම් ඒ වටිනා ජීවිතවලට වගකියන්නට කිසිදු බලධාරියෙක් ඉදිරිපත් නොවනු ඇත. මේ වන විටත් නිසි පරිදි ක්‍රියාත්මක නොවන දුම්රිය ධාවනය, මගීන්ව පත්කර ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

රටේ සෑම ප්‍රදේශයකම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා. විවිධ දුක් කරදරවලට අහිංසක දරුවන්ට මුහුණ පාන්නට සිදුවෙලා. සමහර දරුවන් පාසල් යන්නේ බස්වල පා පුරුවේ. බස් ධාවනය අඩු නිසා බස්වලට සෙනග පටවාගන්නේ පොල් පටවන්නා වගෙයි. පෞද්ගලික බස් වුවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බසයක් වුවත් ඔවුන්ගේ පරමාර්ථය මුදල් ඉපැයීමයි. එවැනි තත්ත්වයක වුවත් ඉන්ධන හිඟය හමුවේ එම බස් රථ ධාවනය වන්නේ ඉතා සීමිත ප්‍රමාණයකුයි. රජයේ බලධාරීන් දරුවන්ට පාසල් පැමිණීමට කිව්වත් මේ අහිංසක දරුවන්ට පාසල් එන්නට ප්‍රවාහන පහසුකම් අඩුයි.

කෙසේ වුවත් ඉහත ඛේදවාචකයේ වරදකරු මේ ලොරි හිමිකරු නොවෙයි. රටේ බලධාරීන් ඔවුන්ගේ වගකීම නිසි පරිදි ඉටු නොකිරීම නිසයි එවැනි තත්ත්වයක් ඇතිවුණේ. අපි මේ දරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළත් රටේ ප්‍රශ්න වෙනුවෙන් තව කොපමණ කාලයක් අපට බලා සිටීමට සිදු වේවිදැයි කාට නම් කිව හැකිද?

එදා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා ජාතික රාජ්‍ය සභාවේදී නිදහස් අධ්‍යාපන පනත ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කොට ප්‍රකාශ කළේ ‘බාලාංශයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ලාංකික දුවාදරුවන් සියලු දෙනාට නොමිලේ ඉගෙනීමට අවස්ථාව සැලසීම රජයේ වගකීමක්’ වන බවයි. අධ්‍යාපනය යනු දරුවන්ගේ අයිතිවාසිකමකි. රටක මානව සම්පත නගාසිටුවිය හැකි වන්නේ අධ්‍යාපනය තුළිනි. නිදහස් අධ්‍යාපනය ලබාදෙන රටවල් අතර එදා ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයක සිටියා. නමුත් අද වන විට එය එසේ නොමැති බවයි අපට කියන්නට තිබෙන්නේ. නිදහස් අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය සැමට සමානව හිමිවිය යුතුයි.

රටේ මොන අර්බුද තිබුණත් දරුවන්ට කියන්නට තිබෙන්නේ ඉදිරි අනාගතය වෙනුවෙන් මොන කැපකිරීමක් කරමින් හෝ අධ්‍යාපනය ලබාගත යුතු යැයි කියායි.

අප මේ සටන් වදින්නේ සැමටම පොදුවේ හිමිවිය යුතු මානව අයිතිය සුරැකීමට මිස අන් කිසිවකට නොවේ. සමාජයේ පීඩිත පන්තියට අධ්‍යාපනය ලැබීමේ ඉඩකඩ දේශපාලන රාමුව තුළින් අහුරා තිබෙනවා. ගම්වල දරුවන්ගේ අධ්‍යාපනයට යොමුකිරීමට ඔවුන්ගේ මවුපියන්ට මුදල් නොමැතිකමින් ඒ දරුවන් අසරණ වෙනවා. ඒ විදියටයි ඔවුන්ගේ අනාගතය අඳුරු වන්නේ.

අපිට දරුවන්ට කියන්නට තියෙන්නේ මොන ප්‍රශ්න ආවත් ඔයාල මේ රටේ ප්‍රශ්නවලට පලි නැහැ.

‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල් කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරලි ඇඳ දැළි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා’

මේ කවිය හොඳින් සිතට ගන්න දුවේ පුතේ. ඔබේ අනාගතය ජයගන්නට සිතනවා නම් එය ඔබේ ජීවිතයේ තේමා පාඨය කරගන්න.

අපේ ජීවිතවලට අපමණ බාධා එනවා. ඒ දේවල්වලට සැලෙන්න එපා. හිත ශක්තිමත්ව තබාගෙන අධ්‍යාපනය ලබන්න. හොඳ අධ්‍යාපනයක් ලැබුවොත් විතරයි අනාගතය ලස්සන වෙන්නේ.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

විධායක ජනපතිවරයෙක් ගෙදර යැවූ සටන අවසානයේ 103කට තුවාල! මාධ්‍යවේදීනුත් 11ක් ඒ අතර! වෙඩි වැදුණු තිදෙනෙක්!

Next Post

ආණ්ඩුව 19කට කැඩෙයි! පොහොට්ටුව ඇතුළෙන්ම තවත් අලුත් පක්ෂයක්! ප්‍රසන්න-කෙහෙළිය-මහින්දානන්ද වැඩ පටන් ගනී! දැනටමත් පක්ෂයක් අරන්! රාජපක්ෂවරුන් දෙන්නෙක් විතරක් ගනී! අලුත් ආණ්ඩුව පිහිටුවන්න විපක්ෂය සාකච්ජා අරඹයි! රනිල්ට වෙච්ච වින්නැහියක්! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.