පෙරපාසල් දරුවන් පෙරපාසල් පැමිණීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා පෙරපාසල් ගුරු සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතා සදහන් කරයි.
දරුවන් පෙරපාසල් පැමිණීම පහත වැටීමට හේතුව ගාස්තු ගෙවීමට නොහැකි වීම බවද ඔහු පවසා තිබේ.
බොහෝ දෙමව්පියන්ට ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වීම නිසා හෝ වියදම් ඉහළ යෑම හේතුවෙන් මේ තත්ත්වය උදා වී තිබේ.
මේ තත්ත්වය වැඩිපුරම දක්නට ලැබෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බවද පෙරපාසල් ගුරු සංගමයේ සභාපතිවරයා පවසා තිබේ.
පෙරපාසල් යා යුතු වයසේ දරුවන් පෙරපාසල් සදහා ඇතුළත්වන නමුත් මාස දෙක තුනකට පසුව ඔවුන් පැමිණීම නවතා දමන බවත් පෙනී යන්නේ යැයි සභාපතිවරයා පවසයි










