මේ දිනවල වෙළඳපලේ එලවලු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇත. ඊයේ ( 07) යාපනය සති පොලේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 3000 කි. (Sri Lanka Latest News)
මෙම මිල ගණන්වලට අනුව යාපනය වෙළෙඳපළේ එක් මුරුංගා කරලක මිල රුපියල් 1000ක් වශයෙන් පැවතුණි.
මේ දිනවල මුරුංගා අස්වැන්න නොලැබෙන කාලයක් වීමත්, සෙසු එළවළු වර්ගවල මිල ගණන් ඉහළ යෑමත් නිසා මුරුංගා මිලද මේ අන්දමට ඉහළ ගොස් ඇති බව යාපනයේ එළවළු වෙළෙන්දෝ කියා සිටියහ.
යාපනයේ ඉතා සුළු ප්‍රදේශයක මේ දිනවල මුරුංගා සුළු අස්වැන්නක් ඇති අතර, යාපනයේ මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 2500කි.
යාපනයේ සිට බොහෝ පළාත්වලට ගමන් කළ බස් රථවලද මුරුංගා ගෝනි පටවා තිබෙනු දක්නට ලැබිණි.
lankasara










