දිට්වා සුළි කුණාටුවට ගොදුරු වීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සත්ත්ව පාලනය යටතේ ඇති කළ සතුන් තුන්ලක්ෂ එකොළොස් දහස් අටසිය පහක (311805) සංඛ්‍යාවක් මරණයට පත්ව සිටින බැවින් ඒ සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 338 ක මුදලක් ගෙවිය යුතුව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.විජේසිංහ ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
සුළි කුණාටු ආපදා තත්ත්වය නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගවයන් 1881 ක්, ඌරන් 771 ක්, එළුවන් 508 ක්, බිත්තර සඳහා ඇතිකළ කිකිළියන් 2,50459 ක්, බ්‍රොයිලර් කුකුළන් 54072 ක් සහ ගෘහාශ්‍රිත කුකුළන් 4114 ක්ද මරණයට පත් වී ඇති බැවින් එම හානිය සඳහා රුපියල් මිලියන 338 ක් ගෙවිය යුතු බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙම කරුණු අනාවරණය කළේය. පසුගියදා (23 වැනිදා ) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේ දී රැස්වීම පැවැත් විණි.










