වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධාකිරීම හේතු කොටගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා විසින් නගරාධිපති ධූරයේ බලතල ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූල නොවන ලෙස නාගරික කොමසාරිස්වරයා වෙත පවරමින් ලිපියක් නිකුත් කොට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අධිකරණයේ සිටම මෙම ලිපිය යැවීමට නගරාධිපතිවරයා කටයුතු කර තිබීමය.
කෙසේවෙතත් නගරාධිපතිවරයා නොමැති නම් එම බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම නීත්‍යානුකූලව පැවරෙන්නේ නියෝජ්‍ය නගරාධිපතිවරයාටය.
නමුත් සමන් ලාල් ප්‍රනාන්දු මහතා සිය බලතල නියෝජ්‍ය නගරාධිපතිවරයාට නොපවරා නීත්‍යානුකූල නොවන ලෙස සභාවේ වැඩකටයුතු නාගරික කොමසාරිස්වරයා යටතට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මේ වනවිට මතුව ඇති බවක්ද දැනගන්නට ඇත.











