කොළඹ වරාය නගර සංවර්ධන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
වරාය නගර කෙටුම්පත අධිකරණයට ගිය අවස්ථාවේදී අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කළ පෙස්සම වෙනුවෙන් පෙනී සිටියේද ගාමිණී මාරපන මහතාය.
ගාමිණී මාරපන මහතා යනු යහපාලන සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ තිලක් මාරපන මහතාගේ සොහොයුරාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම නුදුරු දිනෙකදී සිදුකිරීමට නියමිත බව දැනගන්නට ඇත.










