ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා නිල සංචාරය මුල්කරගෙන මේ වනවිට ආන්දෝලනාත්මක සිදුවීම් රැසක්ම වාර්තා වෙමින් තිබේ.Sri Lanka Latest News
ඉන් එකක් වී ඇත්තේ ඉන්දීය අගමැතිවරයා හමුවීමට හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙක්ම ඉල්ලීම් ඉදිරිපත් කොට තිබියදීත් මෝදි මහතාගේ පාර්ශ්වයෙන් ඒ සදහා කිසිදු ප්‍රතිචාරයක් හිමිනොවීමය.
මෝදි මහතා ලංකාවට පැමිණීමට පෙරාතුවම හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඒ මහතා හමුවීමට ඉල්ලීම් ඉදිරිපත් කොට තිබිණ.
නමුත් ඉන්දීය අගමැතිවරයාගෙන් පාර්ශ්වයෙන් ඒ කිසිවකුටත් වේලාවක් වෙන් නොකෙරුණු අතර අඩුම තරමින් මෝදි මහතා පිළිගැනීමේ උත්සවයට හෝ ඒ කිසිවකුටත් ආරාධනා කොට නොතිබීම විශේෂ සිදුවීමක් විය.
නමුත් ඉන්දීය අගමැතිවරයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පමණක් විනාඩි 25ක කාලයක් වෙන් කිරීමට පියවර ගෙන තිබිණ.
එමෙන්ම සාකච්ඡාවේ පැවැති වැදගත්කම හේතුවෙන් එම හමුව විනාඩි 40ක් දක්වා දීර්ඝ විය.
කෙසේවෙතත් පසුගියදා නවදිල්ලායේ සංචාරයක නිරතවූ රනිල් වික්‍රමසිංහ මහතා ඒ අතරතුරදී මෝදි මහතා හමුවී ඊට අදාළ ඡායාරූපයන්ද මාධ්‍ය හමුවේ මහඉහළින් ප්‍රචාරය කිරීමට කටයුතු කොට තිබිණ.
එමෙන්ම මෝදිගේ සංචාරයට පෙරාතුව ලංකාවේ ඉන්දියාවට ලබා දිය යුතු බවටත්, එට්කා ගිවිසුම අත්සන් කළ යුතු බවටත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ නිකුත් කළේද කෙසේ හෝ මෝදි මහතා හමුවීමේ බලාපෛාරොත්තුව ඇතිවය.
එසේ තිබියදීත් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු හිටපු ජනාධිපතිවරුන් කිසිවකුටත් මෝදි මහතා විසින් හමුවීමට අවස්ථාවක් ලබා නොදීම විශේෂ සිදුවීමක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.










