නවදිලිල් අගනුවර රතු බලකොටුව ආග්‍රිත කාර් බෝම්බ පිපිරීම සැලසුණු සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ පැවැසීය.Sri Lanka Latest News
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවුණු ස්ථානයට පැමිණි පොලිස් ප්‍රධානීන් හමුවී සිදුවුණේ කුමක්දැයි විමසා බැලුවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සියලු විස්තර එසැණින් දුරකතන ඇමතුම් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පැවැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
එය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයක් යැයි ඉන්දීය ආරක්ෂක අංශ අනුමාන කරන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවැසීය.
නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීම සිදුවීමට පැය කීපයකර පෙර, නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයට යාබද, උතුරු දෙසින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ ෆරීඩාබාද් නුවර කුලී නිවසකින් කිලෝ ග්‍රෑම 2,500 ක පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකිවිය. ඒ බුද්ධි අංශ තොරතුරු අනුව යමින් කළ වැටලීමකිනි.
මෙම නිවසේ කුලියට නැවතී සිට ඇත්තේ, ජම්මු කාශ්මීරයේ පුල්වාමා හි පදිංචි වෛද්‍යවරයකු වන මුජම්මිල් ෂකීල් යැයි ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මොහු පාකිස්තානයට සහාය දක්වන ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයකු යැයි ද සැක කෙරේ. මුජම්මිල් ෂකීල්ට අමතරව, තවත් වෛද්‍යවරයකු ද අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි. දිල්ලියේ පිපිරීම සිදුවූයේ කුලී නිවසේ වැටලීම හා ඊට අදාළ විමර්ශන පැවැත්වෙද්දීය.










