ජීවන් තොන්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලක උත්සව ශාලාවක අද (23) දින පැවැත්විණ. Sri Lanka Latest News
ලංකාවෙන් ඊට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය, හරීන් ප්‍රනාන්දු යුවල, ෆයිසර් මුස්තාෆා, ශානක්‍යයන් රාසමාණික්කම්, වඩිවේල් සුරේෂ් යනාදීන් සහභාගී වි සිටි අයුරු දැකගත හැකිවිය.
කෙසේවෙතත් මෙරට ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද ඊට සහභාගී වන බවකි. නමුත් ප්‍රකට ඉන්දීය දේශපාලන පවුල්වලින් එහිදී දැකගත හැකි වූයේ තමිල්නාඩු මහැඇමැති ස්ටාලින් මහතාගේ නැගණිය ඊට සහභාගී වී සිටින බවකි.
ජීවන් තොන්ඩමන් මහතාගේ ඉන්දියාවේ දේශපාලන පසුබිමක් සහිත පවුලක පැවත එන්නියක්ක් වන සීතායි ශ්‍රී නාච්චියාර්ය. ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියකි.



















