එක්සත් ජනපදය ආනයනය කරනු ලබන ඉන්දීය භාණ්ඩ සදහා 25% ක තීරු බද්දක් සහ තවත් දඩ බද්දක් පනවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසුව අග්‍රාමාත්‍ය මෝඩි ඒ සදහා ඊයේ දිනයේ දී ප්‍රතිචාර දක්වා තිබේ.Sri Lanka Latest News
සෘජුව එක්සත් ජනපදය ඉලක්ක කර නොතිබුනද, අග්‍රාමාත්‍ය මෝදී, ස්වදේශීය නිෂ්පාදන මිලදී ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස සියළු ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියි.
“යමක් මිලදී ගැනීමේ දී ඉන්දියානුවෙකු ස්වකීය දහඩිය මහන්සියෙන් නිෂ්පාදනය කළ දෑ පමණක් මිලදී ගැනීමට අපි අධිෂ්ඨාන කළ යුයි.”
අගමැති මෝදි සියළු ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියි.
ඉන්දියානු පුරවැසියන්ගෙන් පොදුවේ කරන ලද එම ඉල්ලීමට අමතරව, ඉන්දීය ව්‍යාපාරිකයන්ගෙන් ද ඔහු විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ, සෑම අවස්ථාවක දී ම ඉන්දීය නිෂ්පාදන අලෙවි කිරීම සදහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසයි.
එමෙන්ම, එය මහත්මා ගාන්ධිට දක්වන උපහාරයක් බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.










