ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ “Travelers’ Choice Awards Best of the Best” ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් තේරී පත්ව ඇත.Sri Lanka Latest News
මෙම ලැයිස්තුවේ මිරිස්ස වෙරළ තීරය 05 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇති අතර, බෙන්තොට වෙරළ තීරය 07 වන ස්ථානය හිමිකරගෙන තිබේ.
Tripadvisor ආයතනය සඳහන් කරන පරිදි “Best of the Best” සම්මානය පිරිනමනු ලබන්නේ සංචාරක ක්ෂේත්රයේ ඉහළම ගුණාත්මකභාවය අගය කරමිනි.
පසුගිය මාස 12 ක කාලය තුළ ලොව පුරා සංචාරකයින් ලබාදුන් අතිවිශාල සමාලෝචන ප්‍රමාණය සහ ඔවුන්ගේ ප්‍රසාදය මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව සඳහන් වේ.










