ගොවි ජනතාව වැඩි වශයෙන් ජීවත් වන දිස්ත්‍රික්කවල සිටින ඇමැතිවරුන් විසින් මේ වනවිට සතිපතා පවත්වනු ලබන මහජන දින හමුවීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව මීට බලපා ඇති බවත්, ගොවි ජනතාව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට නොහැකි වීමත් මේ සදහා හේතු වී තිබේ.
ඉකුත් සතියේ පැවැති පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ ලොබියේදී ඇමැතිවරුන් කිහිප දෙනකුම මේ බව සදහන් කොට ඇති බවද දැනගන්නට ඇත.










