නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර තිබේ.Sri Lanka Latest News
ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකළ බව අද (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.
කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට භාජනය නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට හා ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පැවති පුරප්පාඩුව සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාව මෙලෙස පත්කර ඇත.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වේ.










