රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය කියයි.Sri Lanka Latest News
ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයෙ පැවති උත්සවයකට සහභාගි විමට යද්දී මාරවිල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙදී අද (29 ) මෙම අනතුර සිදුව ඇති බව කියයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.
ඇමතිවරයාගෙ සුඛෝපභෝගී ජීප් රථයෙ ගැටිමෙන් අනෙක් මෝටර් රථයට හානි සිදුව තිබු අතර එහි ගමන් කළ කෝටිපති ව්‍යාපාරීකයා තම වාහනයට සිදුවු හානිය සහ එහි සිටි ඇමැතිවරයා දැක දැඩි ලෙස කෝප වි යකඩයක් රැගෙන විත් පහර දි ඇති බව කියයි.










