විදුලිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.
පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා මාර්ගවල විදුලි පහන් නිවා දමා රාත්‍රී 11.00 න් පසුව නැවත විදුලි පහන් දැල්වීමට හෝ පස්වරු 6.30 සිට රාත්‍රී 10.00 දක්වා මාර්ගවල විදුලි පහන් දල්වා ඉන් පසුව විදුලි පහන් නිවා දැමීමට හෝ රජයට යෝජනා කරන බව ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් කියා සිටි.










