• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා සජිත් අතර විශේෂ හමුවක්! සජිත්ගෙ මැදහත් මාවතත් දිග හැරෙයි! (VIDEO & PHOTOS)

January 23, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා සජිත් අතර විශේෂ හමුවක්! සජිත්ගෙ මැදහත් මාවතත් දිග හැරෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ප්‍රශ්න කන්දකට සිරවී ඕජස් ගලන තුවාලයක් බවට පත්ව ඇති රට සුවපත් කිරීම උදෙසා සම්ප්‍රදායක වැඩපිළිවෙළක් කිසිසේත් සරිලන්නේ නැතැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රටට ගොඩ එන්න පුලුවන්ද යන ප්‍රශ්නයට ඇති සෘජු පිළිතුර වන්නේ “පුළුවන්” යැයි පැවසූ විපක්ෂ නායකතුමා, ඊට අවශ්‍ය වන්නේ වන්නේ තිරසාර අවංක වැඩපිළිවෙළක් බව පැවසීය.

සම්මුතියට නිදහස් අවකාශයක් මැයෙන් “මැදහත් මාවත” සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් ඊයේ (22) පැවැත්විණි. සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන සමාජ සහ සිවිල් ක්‍රියාකාරීන්  රැසක්ම සහභාගි වූහ.

ජනාධිපතිට අගමැතිට පාර්ලිමේන්තුවට හුදකලාවී තනිමතයට රටක් ගොඩනැගිය නොහැකි බවත් විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුලුණු තුන සංවරණ හා තුලන ක්‍රමවේදය සහිත ව පැවතිය යුතු බව තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත හිඳගෙන මේ රටේ ප්‍රශ්න විසඳිය යුතු යැයි තමන් විශ්වාස කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඉතාමත්ම ප්‍රායෝගිකව පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද වන විට අන් කවරදාටත් වඩා දැඩිව දැනෙමින් තිබෙන බවද පැවසීය. එම පොදු වැඩපිළිවෙළ ප්‍රායෝගික විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එම පොදු වැඩපිළිවෙළ නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්විය යුතු අවංක එකක් විය යුතු බවද පැවසීය.

අපේ රටේ ආර්ථික වර්ධන වේගයන් පිළිබඳව කෙරෙන කතාබහ  ප්‍රායෝගික නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ආදායම් විෂමතාවය අදහාගත නොහැකි තරම් බරපතළ  තත්ත්වයක තිබියදී ඒ විෂමතාවය අමතක කොට ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කිරීම විහිළුවක් බව ද පැවසීය.

මෙවැනි ව්‍යසනකාරී වූ වකවානුවක දී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කළ විපක්ෂ නායකතුමා පවසා සිටියේ, මෙහිදී ලංකාවෙන් පත්කොට ලවා ඇති තානාපතිවරුන්ට පැවරී ඇති වගකීම අතිමහත් බව ය. අවාසනාවට බහුතරයක් තානාපතිවරු එය අවබෝධ කොටගෙන නැති බව පැවසූ විපක්ෂ නායකතුමා එය බලවත් කනගාටුවට කරුණක් බව ද පැවසීය.

රට ගොඩනගන වැඩපිළිවෙළේ ප්‍රධාන කුළුණු පහ අතරට සිවිල් සංවිධාන ද අයත් විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා යහපත් සහ ප්‍රශස්ත රාජ්‍ය  පාලනයක් උදෙසා එය අත්‍යවශ්‍ය බව ද කීය .

SendShareShare
Previous Post

කොවිඩ් පෙත්ත ලංකාවට ගේන්න කොම්පැනි 6කට අවසර දෙයි!

Next Post

පාරවල්වල ලයිට් කපන්න ඇමැති තීන්දුවක් ගන්න වගේ හදන්නේ!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper