නීත්‍යනුකූල මාර්ගයන්ගෙන් විදේශ ප්‍රේෂණ මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව, පසුගිය රජය, විදෙස්ගත ශ්‍රමිකයන් සදහා විදුලියෙන් ක්‍රියාකරන වාහන ගෙන්වීම සදහා අවසර ලබා දීමේ වැඩ සටහනක් දියත් කළේ ය. Sri Lanka Latest News
මෙම වැඩසටහන ත-ුළ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කළ විගණනයක දී අනාවරණය වී තිබේ.
ජාතික විගණන කාර්යාලය විසින් අදාල විගණනය සිදුකර තිබෙන අතර, විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ නිකුත් කර තිබෙන සියලු බලපත්‍ර අහෝසි කර, ඒ පිළිබදව අදාල පාර්ශ්වයන් දැනුවත් කරන ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.
ඊට අමතරව, කැබිනට් මණ්ඩලය එකග වූ නිර්දේශ නොතකා හරිමින් වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ බලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසද ජාතික විගණන කාර්යාලය යෝජනා කරයි.
ජාතික විගණන කාර්යාලය, අදාල ව්‍යාපෘතිය යටතේ, 2020 සැප්තැම්බර් 22 සහ 2023 ජූනි 30 අතර කාලයේ බලපත්‍ර නිකුත් කිරීම පිළිබදව සොයා බලා තිබේ.
මෙම වාහන ආනයනයේ දී ලබා දී තිබුණු බදු නිදහස් කිරීම රුපියල් මිලියන හයේ සිට රුපියල් මිලියන දොළහ දක්වා ඉහළ දමා තිබේ. එම බදු නිදහස යටතේ වාහන 510 ක් ගෙන්වීම හේතුවෙන් රුපියල් මිලියන 1380 ක පාඩුවක් රජයට සිදුව ඇති බව විගණන වාර්තාව හෙළි කරයි.
ඊට අමතරව, මෙසේ ගෙන්වන ලද වාහන 510 න් වාහන හයක්, වෙනත් පාර්ශ්වයකට මාරු කර ඇති අතර, එමගින් රජයට සිදුව තිබෙන බදු අලාභය රුපියල් මිලියන 1280 කි.










