මිහින්තලා පුදබිමේ කටයුතු කළ හමුදාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් නිකුත් කළ ආඥාවට කඩිනමින් පිළිතුරු ලබා දෙන්නැයි මිහින්තලා නායක හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.Sri Lanka Latest News
ඓතිහාසික මිහින්තලය රජමහා විහාරස්ථානයේ ඉදිකිරිමින් පැවතුණු මිහිඳු මහා සෑයෙහි සංවර්ධන කටයුතුවලින් ආරක්ෂකයින් ඉවත්කිරීම පාදක කරගෙන අද දින මිහිඳු මහා සෑය අබියස අධිෂ්ඨාන පූජාවක් ද පැවැත්වුණි.
මිහින්තලය රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා විශාල බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මෙම පූජාව සිදු කරනු ලැබුවා.
මෙහිදී අනුශාසනාවක් සිදුකරමින් නාහිමිපාණන් වහන්සේ,
“2019 දී ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් වහන්සේලාගේ හා විධායක ජනාධිපතිවරුන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් ඉදිකිරීම් ආරම්භ කල මිහිඳු මහා සෑයෙහි ඉදිකිරීම් අද සියල්ල නතර කලද රජ දවසේ රජදරුවන් සියල්ලට ගරුත්වය හා පූජනීයත්වය දීලා රාජ්‍ය ආඥාවන් සහ නියෝග ලබාදෙමින් බෞද්ධ ආගම වෙනුවෙන් කටයුතු කර ඇති බව සෙල්ලිපිවල මහාවංශයෙහි සඳහන් වනවා.
ගරුතර මහා නා හිමිවරුන් ජනපතිට ලිඛිතව ලබාදීපු නිවේදනයට පිළිතුරු ලබාදෙන්න බැරි උත්තර දෙන්න බැරි අඳ ගොළු බිහිරි හැඟීම් දැනීම් නැති පාලකයෝ තමයි මේ රට පාලනය කරන්නේ කියලා රටවැසියා දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ හා මිහිදු මහරහතන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පූජාවන්වලදී සිවිල් ආරක්ෂක බටයින් සිදුකළ ශබ්ද පූජාවද මේ වනවිට නතරවී තිබෙනවා .”










