ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පොහොට්ටුව පරාජය කිරීමේ ජන්ද සටන දියත් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ කුමාර වෙල්ගම මහතා විසින් ආරම්භ කොට ඇත.
ඊයේ (05) දිනයේදී පැවැති ‘අපි ශ්‍රී ලංකා’ සමුළුෙවේදී හිටපු ජනාධිපතිනිය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතු බවටත්, කුමාර වෙල්ගම මහතා පොහොට්ටුව පරාජයට පත් කරවිය යුතු බවටත් වශයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයන් දෙකක් සිදු කරනු ලැබීය.
ඒ අනුව ගම්පහ ජන්ද සටන හිටපු ජනාධිපතිනිය විසිනුත්, කළුතර ජන්ද සටන කුමාර වෙල්ගම මහතා විසිනුත් දියත් කිරීමට කටයුතු සැලසුම් කර ඇත.