එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් දරන ස්ථාවරය ආණ්ඩුවට ඉදිරිපත් කිරීම සදහා තවත් සති 2ක කාලයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
ඊයේ (08) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ඒ පිළිබදව විමසද්දී අමාත්‍යවරුන් ප්‍රකාශ කොට ඇත්තේ අදාළ ගිවිසුම අධ්‍යයනය කිරීම සදහා තව කල් අවශ්‍ය බවකි.
ඒ අනුව තව සති 2ක් ඒ සදහා ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.










