• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2009 මැයි 09 සහ 2022 මැයි 09…

May 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
2009 මැයි 09 සහ 2022 මැයි 09…
Share on WhatsAppShare on Facebook

මෙම ලිපියේ අන්තර් වන්නේ සති දෙකක් පිළිබඳ කතා දෙකකි. මේ සති දෙක ඔබ විසින් එකිනෙකට ගළපා ගෙන, ඒවායේ එකිනෙකට ගැළපෙන සහ නොගැළපෙන සිද්ධීන් වෙන් කරගෙන ඔබට ඒ සති දෙක දැනෙන ආකාරය පිළිබඳ නිශ්චිත නිගමනයන්ට පැමිණීමට ඉඩකඩ තිබේ. එක සතියක් 2009 මැයි මාසයේ 18 වැනිදායින් නිමා වූ සතියයි. දෙවැනි සතිය 2022 මැයි මාසයේ 09 වැනිදායින් ආරම්භ වී 15 වැනිදායින් අවසන් වූ සතියයි.

2009 මැයි මාසයේ දෙවැනි සතිය. ඒ සතිය මිනිසුන්ට තවමත් මතකයි. කාටවත් අමතක කරන්න බැරි විදියේ ඉතා සුවිශේෂ සතියක්. ඒ සතිය තමයි 33 වසරක් තිස්සේ ලංකාවේ ඇවිළිච්ච ගින්දර නිවුණු සතිය. ඒ සතියේදී අපි හැමෝම බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන හිටියා. ඒ සතිය ඇතුළේ රාජපක්ෂවරු වීරයන් බවට පත්වුණා. යුද ජයග්‍රහණය පිටුපස්සේ ඉන්නෙ තමන්ය කියලා කියපු විවිධ බලවේග යුද ජයග්‍රහණය තමන්ගෙ එකවුන්ට් එකට දාගන්නකොට අපි කට පියාගෙන සද්ද නැතුව බලාගෙන හිටියා. කවුරුවත් කාටවත් චෝදනා කළේ නෑ. යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ කියලයි කිව්වේ. යුද්ධය ජයග්‍රහණය කරන්න නිශ්චිත අණ දුන්නේ, ඒ සඳහා ක්‍රියාන්විත රාජකාරියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යෙදිලා හිටියා කියලයි අපට කිව්වේ. මේ ඔක්කොටම උඩින් තමන්ගෙ ශක්තිය බැසිල් රාජපක්ෂ විසින් මුදාහැරියා කියලා කිව්වා. හැබැයි බැසිල් තමයි මේක අස්සෙ හිටිය හැංගිච්ච මොළකාරයා. අපිට කිව්වේ එහෙම. රාජපක්ෂවරුන්ගේ බලපරාක්‍රමයත් එක්ක ඔබට මතකද දන්නෙ නෑ මුළු රටම පාරට බැස්සා.

ටක්ගාලා එන්නම් 2022ට. 2022ත් මැයි මාසෙ දෙවැනි සතිය උදාවෙන්නේ. අදත් මිනිස්සු ඔක්කොම පාරට බැහැලා. දැන් බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ අද කෝ? පාරකවත් දකින්න හම්බවෙන්නෙ නෑ. යුද්ධය ජයග්‍රහණයෙ වීරයන් බවට පත්වෙච්ච මේ වීරයො තුන්දෙනාම අද වෙනකොට මිනිස්සු එළවන්න සැලසුම් කරගෙන ඉන්නේ. මිනිස්සු කියන්නේ ගෝ හෝම් ගෝඨා කියලා. මහින්දට යන්න කියලා. බැසිල්ව එළවන්න කියලා. රාජපක්ෂවරු පන්නන්න ඕනෙ කියලා. 2009 මැයි මාසෙ දෙවැනි සතියෙ වීරයො වෙච්ච රාජපක්ෂලා, 2022 මැයි මාසෙ දෙවැනි සතියෙදී දුෂ්ටයන්ගෙ චරිතයන්ට ඇවිල්ලා. දැන් වීරයො මැරිලා.

2009 මැයි මාසෙත් අපි මහින්ද එනකන් බලාගෙන හිටියා. 2022 මැයි මාසෙ අපි මහින්දලා යනකන් බලාගෙන ඉන්නවා. 2022 මහින්ද කොහෙද රටක ඉඳන් ලංකාවට ඇවිල්ලා මහ පොළොව ඉම්බා. අපි සතුටින් අත්පොලසන් දුන්නා. අද මහින්දගෙන් මේ පොළොව බේරගන්න අපි බලාගෙන ඉන්නේ. එදත් මිනිස්සු හිටියෙ පාරට බැහැලා. අදත් මිනිස්සු ඉන්නේ පාරට බැහැලා. 2009 මිනිස්සු පාරට බැස්සේ මහින්දලගෙ ජයග්‍රහණය සමරන්න. අදත් මිනිස්සු පාරට බැහැලා තියෙන්නේ මහින්දලාව පන්නලා දාන්න.

2009 මැයි මාසෙ පාරට බැහැපු මිනිස්සු කෑගහලා කිව්වේ රාජපක්ෂලා වීරයො කියලා. ඒ මිනිස්සු පාරවල්වල බැනර් පෝස්ටර් කටවුට්වල රාජපක්ෂලාගෙ පින්තූර ලොකුවට ප්‍රින්ට් කරලා තිබුණා. ඒ පින්තූරවල සටහන් වෙලා තිබුණේ රාජපක්ෂවරු වීරයො, රාජපක්ෂලා දෙවිවරු, රාජපක්ෂලා තමයි මේ මහ පොළොව බේරගත්තේ, ඒ නිසා රාජපක්ෂවරුන්ට අපි ණයගැතියි කියලා. හැබැයි 2022 මැයි මාසෙත් ඒ විදියට පාරක් පාරක් ගානෙ දැන්වීම්වල රාජපක්ෂවරු ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ විදියටම ඩිජිටල් දැන්වීම් පුවරු තැන් තැන්වල දකින්න ලැබෙනවා. ඒවායෙත් රාජපක්ෂවරුන්ගෙ පින්තූර, රාජපක්ෂවරුන්ගෙ නම්ගම් සඳහන් වෙලා තියෙනවා. හැබැයි 2009 රාජපක්ෂලා වීරයො කියලා පෝස්ටර් ප්‍රින්ට් කරපු යන්ත්‍රවලින්ම තමයි මේ 2022 මැයි මාසෙ රාජපක්ෂවරු පට්ට හොරු කියලා මුද්‍රණය කරලා තියෙන්නෙත්.

2009 රාජපක්ෂවරුන් මේ රට බේරගත්තාය කියලා අකුරු එකිනෙක අමුනපු දැන්වීම් මුද්‍රණය කරපු තැන්වලම මේ මැයි මාසේ රාජපක්ෂවරුන්ගෙන් රට බේරාගමු, රාජපක්ෂවරුන්ගෙන් මේ රට ආරක්ෂා කරගමු කියලා අලුත් දැන්වීම් පළකරලා තියෙනවා. ඒ කියන්නේ 2009 මැයි මාසේ මේ කාලෙ වෙනකොට වීරයො වෙලා හිටියෙ රාජපක්ෂලා. අද 2022 මැයි මාසෙ මේ කාලෙ වෙනකොට මාරයො බවට පත්වෙලා ඉන්නේ රාජපක්ෂවරු.

2009දී රාජපක්ෂලා රට බේරගත්තා කිව්වට, 2022 දැන් අපි රාජපක්ෂලාගෙන් රට බේරගන්න වෙහෙසෙනවා. ඒ නිසා එකම මාසේ මැද සති දෙක ඉතා තීරණාත්මකයි. මේ ලිපිය ලියන කොට 2009 මැයි මාසෙ 18 වැනිදා ගතවෙලා ඉවරයි. යුද්ධයෙ අවසන් කරලා, අන්තිම වෙඩිල්ලෙන් පස්සේ නිල වශයෙන් ජාතියට දැනුම් දුන්නා මහින්ද රාජපක්ෂ මේ යුද්ධය නිමා කරපු බව. ඔහු යුද්ධය නිමා කළ නායකයා බවට පත්වුණා. ගෝඨාභය රාජපක්ෂ යුද්ධයට සවිය දුන්නු ප්‍රධාන සෙන්පතියා බවට පත්වුණා. යුද්ධයට නුවණ දුන්න, බුද්ධිය දුන්නු වීරයා බවට පත්වුණේ බැසිල් රාජපක්ෂ. ඒ, 2009 මැයි මාසෙ. 2022 මැයි මාසෙදි රට හොරාකාපු, කොල්ලකාපු, දේපළ තමන් සන්තක කරගත්තු රාජ්‍ය නායකයො මේ තුන්දෙනාගෙම නම් සඳහන් වෙලා තියෙනවා. එදා මිනිස්සු තමන්ගෙ වීරයා කියපු රාජපක්ෂවරු කළාය කියපු බොහෝ දේවල් දැන් රාජපක්ෂවරු තමන් විසින්ම තමන් ගැනම කියන තැනට පත්වෙලා. මම තමයි යුද්ධ කළේ, මම තමයි රට බේරගත්තේ, යුද්ධ කරනකොට කවුරුත් ඕවා කිව්වෙ නෑ කියනවා වගේ කතන්දර තැන් තැන්වල අහන්න ලැබෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් 2009 මැයි මාසෙ ඔබ වීරයෙක්. ඒකට අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නෑ. සමහර විට 2009 මැයි මාසෙත් අපි දැනගෙන හිටිය තරම් දෙයක් ඔබ කරලා නැතුව ඇති. ඇත්තටම එදා වීරයෙක් බවට පත්වෙච්ච සරත් ෆොන්සේකා පස්සේ ටික දවසකින් හිර ගෙට දාලා, ඔහුට දහසකුත් වධ වේදනා දුන්නෙත් මේ එකට කේක් ගෙඩිය කපපු රාජපක්ෂලා බව අපට මතකයි. ඒ නිසා දැන් රාජපක්ෂවරුන්ගේ පරණ ගීතය අසා සිටින්න කිසිවෙක් නෑ. රාජපක්ෂවරුන්ට එරෙහිව රටේ තරුණ තරුණියො විශාල ප්‍රමාණයක් පෙළගැහිලා ඉන්නවා. හැබැයි, අපිට මේ සතිය ගතවෙන කොට මතක්වුණේ හරියටම 2009 අවසන් සතිය ගැන. 2009 මැයි මාසෙ යුද්ධය නිමා වෙන්න කලින් සතිය ගැන. යුද්ධය නිමා වෙන්නේ 18 වැනිදා. ඒ සතිය පටන්ගන්නේ 10, 11 වගේ දවසකින්. ඒ සතියේ අපි ඔක්කොම හිතාගන්න බැරුව, අදහගන්න බැරුව බලාගෙන හිටියේ යුද්ධය නිමාවුණු බවට පළවූ ප්‍රවෘත්ති.

එදා වගේම අදත් අපි ප්‍රවෘත්තියක් කියලා එකක් බලාගෙන ඉන්නවා. හැබැයි එදා අපි රාජපක්ෂවරු යුද්ධය නිමා කළ බවට පණිවුඩය දෙන තුරු බලාගෙන හිටියා වගේ, අදත් අපි බලාගෙන ඉන්නේ රාජපක්ෂවරුන්ගේම පණිවුඩයක් ලැබෙන තුරු. ඒ, ‘අපි යනවා දේශපාලනයෙන්’, ‘අපි යනවා පාර්ලිමේන්තුවෙන්’, ‘අපි සමුදෙනවා ඇමැතිකම්වලට’ කියලා රාජපක්ෂවරුන්ගේ නිල ප්‍රකාශය එනකම්. එදා ප්‍රභාකරන්ගෙ මරණයෙන් ඔල්වරසන් දුන්නු අපි, රාජපක්ෂලාට අත්පුඩි ගහපු අපි අද සූදානම් වෙලා ඉන්නේ මහින්දගේ සමුගැනීම, ගෝඨාභයගේ ඉල්ලා අස්වීම, නාමල්, බැසිල්, ශෂීන්ද්‍ර ඇතුළු සියලු දෙනාට ගෙදර යන්න වීම ගැන. ඒක අපි හිතනවට වඩා බරපතළ ඛේදවාචකයක්. කොහොම නමුත් එකම මැයි මාසෙ මැද හරිය වෙනකොට වීරයෙක් වෙච්ච මනුස්සයෙක් අද රටට සාපයක් කියන තැනට රට වෙනස් වෙලා. රටේ මිනිස්සු වැරැදිද? එහෙම නැත්නම් ඒ ඒ අය වැරැදිද? පාලකයො වැරැදිද? රාජපක්ෂවරු වැරැදිද? කවුරු වැරැදිද? කවුරු හරිද? කියන එක ගැන ඔබ තීරණවලට එළඹෙන්න. වෙන අපිට ඔබට කියන්න දෙයක් නෑ. 2009 මැයි මාසෙ ඔබ වීරයා යැයි වැලඳගත් මිනිහා, දැන් වීරයෙක් නොවන බව ඔබට පසක්වී අවසන්. ඒ නිසා අවසන් වශයෙන් කියන්න තියෙන්නේ හරියට කෙනා තෝරා බේරාගෙන කටයුතු නොකළොත් 2022 මැයි මාසෙ විඳින මේ වේදනාවන් තව අවුරුදු ගණනකින් අපේ පරම්රපාවට විඳින්න සිදුවේවි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනාධිපති ප්‍රහාරය දැඩිව හෙළා දකී!

Next Post

ප්‍රහාරයේදී කාන්තාවකට ගහන විදිහ දැක්කද? (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.