• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයේ සටන් පාඨය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් විදිහට දුන්නා! මේ ආර්ථික ඝාතකයන්ට එරෙහිව ජනාධිපති කොමිසමක් පත් කළ යුතු වුණත් ජනාධිපති ඒක හිතාමතාම මගහරිනවා! රටේම ජනතාව එක්ක මේ හොරුන්ට දඬුවම් ලබා දෙන අරගලයක් අපි ආරම්භ කරනවා! සජබ ඊළඟ සටන ගැන මරික්කාර් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News‍

November 21, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ඩොලර් එක අඩු වෙලා තියෙන්නේ විකෘතියකින්! මේ රට තනි මිනිහෙකුට ගොඩදාන්න බෑ! හොඳ වැඩපිළිවෙළක් එක්ක හොඳ කණ්ඩායමක් දැන් රටට ඕනේ! ඉදිරි මාස 6 ඇතුළත මහමැතිවරණයක් තියන්නම වෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව දැනට බලයේ සිටින ජනාධිපතිවරයා මෙම ආර්ථික ඝාතකයන්ට විරුද්ධව පරීක්ෂණයක් සිදුකරන්න ජනාධිපති කොමිසන් සභාවක් පත් කිරීම සිදුකළ යුතුව තිබුණත් ජනාධිපතිවරයා එය චේතනාන්විතව මග හරින තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News‍

ජනාධිපතිවරයා මොවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නැතිනම් සිදුකළ යුත්තේ රටේ ජනතාව සමඟ එක්ව මෙම පිරිසට දඩුවම් ලබාදෙන අරගලයක් ආරම්භ කිරීම බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂ ඇතුළ කල්ලිය ආරක්ෂා කිරීමට හැකි වන්නේ තව මාස කිහිපයක් පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කොමිසමක් පත් කර රාජපක්ෂලා අනීතික ලෙස උපයපු ධනය නීත්‍යානුකූලව රටේ ජනතාව සතු කරන එක ඊළඟට බලය ලබා ගන්න කණ්ඩායම සතු වගකීමක් බවත් ඒ මහතා හෙතෙම පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව විපක්ෂය අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවේ රාජපක්ෂලාගේ ත්‍රාඩයෝ පිරිස ඒ සඳහා බාධා කළ බවත් එවැනි බාධා කිරීම්වලට තව ඇත්තේ සුළු කාලයක් බවත් අනිවාර්යෙන්ම ඔවුන්ව නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් එස්.එම් මරික්කාර් මහතා කීය.

එස්.එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේ අද (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එස්.එම් මරික්කාර් මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවැසීය.

  ‘‘ආර්ථිකය මංකොල්ල කාපු මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ , අජිත් නිවාඩ් කබ්රාල් , ඇතුලු කල්ලිය ආර්ථික ඝාතකයන් බව ශ්‍රේෂ්ඨාධිකරණය නම් කරලා තිබෙනවා. පසුගිය කාලයේ පැවැති අරගයේදීත් ඔවුන්ගේ සටන් පාඨය වුණේ රටේ ආර්ථිකය විනාශ කළ , රටේ දේපළ මංකොල්ල කාපු පිරිසගෙන් නැවත ඒවා අය කරගෙන ඔවුන්ව හිරේ දාන්න කියන එක. අරගයේ ප්‍රධාන සටන් පාඨය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලෙස ලබාදීලා තිබෙන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබෙන්නේ මූලික අයිවාසිකම් පෙත්සමක් ඒ අනුව ඊළඟට කළ යුතු වන්නේ දැනට බලයේ සිටින ජනාධිපතිවරයා මෙම ආර්ථික ඝාතකයන්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්න ජනාධිපති කොමිසන් සභාවක් පත් කිරීම. පසුව ඒ හරහා මොවුන්ගේ දේපළ අත්පත් කරගෙන නීති ප්‍රකාරව මෙම පිරිස සිර දඩුවම් ලබාදීමට කටයුතු කිරීම.

ජනාධිපතිවරයා ඒ වෙනුවට සිදුකරන්නේ ලංකාවේ ආර්ථිකය බංකොලොත් කිරීමට සෘජුවම සම්බන්ධ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය සාදයට. ජනාධිපති කොමිසමක් පත් කීරීම වෙනුවට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් දින සාදයට සහභාගි වීමෙන් සිදුවන්නේ ජනාධිපති රාජපක්ෂලාගේ රැකවලා බවට පත්වීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසන් සභාවක් පත්කිරීම චේතනාන්විතව මග හරින තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා .එමෙන්ම රාජපක්ෂලා ප්‍රමුඛ කණ්ඩායම මංකොල්ල කෑ රටේ ධනය නැවත අය කර ගැනීමක් සිදුනොකරන බවක් පෙනෙන්නට තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම කාරණාවලට ප්‍රතිචාර නොදක්වා සිටීමෙන් පැහැදිලි වන්නේ රාජපක්ෂලාගේ ඡන්ද 134 වෙනුවෙන් ඔහු රැකවරණය ලබා දෙනවා කියන එකයි.

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ සමඟ කේක් කපන එක ගැන අපිට කාලකන්නි සතුටක් තිබෙනවා. එක්සත් ජාතික් පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ අතහැරලා වෙන් වෙලා ආපු එක නිවැරදි තීන්දුවක් කියලා එයින් උප්පු වෙනවා.

2015 ජනාධිපතිවරණ වේදිකාවේදී කිව්වේ රාජපක්ෂ හොර කල්ලියට නීතියට අනුව දඩුවම් ලබාදෙනවා කියලා. නමුත් ආණ්ඩුව ලබාගත්ත ගමන් ඒ දේවල් නොකර මහබැංකුව විනාශ වීම , රාජපක්ෂලාට නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. හොරකම් කළ ධනය නැවත ලබා ගන්න වැඩපිළිවලක් සකස් කරන්නේ නෑ.මේ වැනි සිදුවීම් වෙද්දි අපට තේරුම් යනවා රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා එක්ක ඩීල් එකක ඉන්නේ කියලා. ඒ බව ජනතාවටත් තේරුම් යනවා. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහව අතහැරලා වෙන්වෙලා එන්නේ. ඒ තිරණය හරි නිසා තමයි සමගි ජනබලවේගයට ආසාන 54 ක් ලැබිලා එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක් ලැබෙන්නේ.
එහෙම වෙලාත් ජනාධිපති පාඩමක් ඉගෙන ගෙන නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනාධිපති කටයුතු නොකරනවානම් අපි රට පුරා හර්තාල් ව්‍යාපාරයට යන්න සුදානම් වෙන්න ඕන.

මෙම ආර්ථික ඝාතකයින් මංකොල්ල කෑ මහජන ධනය රාජ්‍ය දේපළ නැවත ලබාගැනීම සිදුකළ යුතු අතර මෙම පිරිසගේ ප්‍රජා අයිතියට අහෝසි කළ යුතුයි. එමෙන්ම මොන්ට සිර දඩුවම් ලබාදිය යුතුයි. ජනාධිපතිවරයා මොවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නැත්තම් සිදුකළ යුත්තේ ජනතාව සමඟ එක්ක මෙම පිරිසට දඩුවම් ලබාදෙන අරගයක් ආරම්භ කිරීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂ ඇතුළ කල්ලිය ආරක්ෂා කිරීමට පුලුවන් වෙන්නේ තව මාස කිහිපයයි. ඊට පසුව අලුත් කණ්ඩායමක් රට භාර ගන්නවා. ඔවුන්ට වගකීමක් තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කොමිසමක් පත් කර රාජපක්ෂලා අනීතික ලෙස හොයපු ධනය නීත්‍යානුකූලව රටේ ජනතාව සතු කරන එක.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව විපක්ෂය අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවේ රාජපක්ෂලාගේ ත්‍රාඩයෝ පිරිස ඒ සඳහා බාධා කර තිබෙනවා. දැන් ඕන බාධා කිරීමක් සිදුකරන්න. වික්‍රමසිංහ සමඟ එකතුවෙලා ඕන නැටිල්ලක් නටාගන්න. තව මාස කිහිපයයි ඔය නැටිලි තිබෙන්නේ. අනිවාර්යෙන් හිරේට යන්න ලැස්ති වෙලා ඉන්න.

ජනාධිපති ත්‍රිකුණාමලටට ගිහින් කිව්වා ආයෝජන ප්‍රවර්ධන කලාපයක් කරනවා කියලා , නුවරඑළියට ගිහින් කිව්වා සංචාරක කලාපයක් කරනවා කියලා සති අන්තවල මාධ්‍ය පිරිවරාගෙන රජයේ නිලධාරීන් සමග ගිහිල්ලා කියපු එක යෝජනාවක්වත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය යෝජනාවල නෑ.

රජයට ගිය අවුරුද්දේ ආදායම් ලෙස ලැබිලා තියෙන්නේ බිලියන 2600 යි. අපේක්ෂිත ආදායම ලැබිලා නෑ. වැට් බද්දෙන් ලැබිලා තිබෙන්නේ සියයට 80 ක්, වැඩිම ආදායමක් ලැබිලා තිබෙන්නේ උපයව විට ආදායම් බද්දෙන්. මේ අතර ජනාධිතිවරයා බිලියන 3350 ක් ණය ලෙස ගන්න යෝජනා කරලා තිබෙනවා.

2024 දී ඉන්ධන වලට සියයට 18 ක වැටි බද්ද එකතු කරන්න රජය බලාපොරොත්තු වෙනවා.එතකොට පෙට්ට්‍රල් මිල තව රුපියල් 65 ක් පමණ එකතු වෙනවා. වැට් බද්ද ගැහුවම පෙට්‍රල් මිල 425 ක් විතර වෙනවා. පෙට්ට්‍රල් ලීටරය මේ අකාරයට වැඩි වෙනවා කියන්නේ භාණ්ඩ හා සේවා සියල්ලේම මිල ඉහළ යනවා.

නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රටේ සම්පත් විකුණනවා කියන හැගීමෙන් තොරව , පාඩු ලබන ආයතන රාජ්‍ය සහ පෞද්ගලික කළමනාකාරීත්වයකට ගෙනල්ලා ,රජයට එම ආයතන සඳහා දරන්න සිදුවෙලා තිබෙන ප්‍රග්ධන වියදම අවම කරමින් ඒ හරහා රජයේ වියදම් අඩු කරමින් ආයෝජන වලට යා යුතුයි. වික්‍රමසිංහ ජනාධිපවරයා රාජපක්ෂවරු සමඟ ඉන්න නිසා ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් නෑ.

චෝදනවා නොලබපු , අලුත් කණ්ඩායමක් රටේ පාලන බලය ගත් පසුව රටට විදෙස් ආයෝජන ගේන්න පුලුවන්. රට ගොඩගන්න පුලුවන් හොඳම කණ්ඩායම ඉන්නේ සමගි ජනබලවේගයේ.

කොළඹ නගරයේ ගෙවල් 50,000 කට ඔප්පු දෙනවා කියලා ජනාධිපති අයවැය කතාවේදී කියනවා. නමුත් ඔප්පු නැති කොළඹ මහල් නිවාස තිබෙන්නේ 14,700 යි. ඒ මහල් නිවාස හදන්න නාගරික සංවර්ධන අධිකාරියට බිලියන 45 ක් විදයම් වෙලා තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය නැවත ලබාගෙන තිබෙන්නේ මිලියන 810 යි. මාලිගාවත්තේ අවුරුදු 30 පැනපු සෑම මහල් නිවාසයකටම උප්පු ලැබිලා තිබෙනවා. ආණ්ඩුව සම්පූර්ණයෙන් කියන්නේ බොරු.

2017 මෙම පිරිසට ඔප්පු ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකළත් එය සිදුවුණේ නෑ. කොළඹ සිටින්නේ අපේ පාක්ෂිකයෝ නිසා ඔවුන්ගෙන් පලි ගන්න ගෝඨාභාය රාජපක්ෂ ඔවුන්ට උප්පු ලබාදුන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ කොළඹ මිනිස්සුව යොදා ගන්නේ පොස්ටර් ගහන්න , උද්ඝෝෂණ වලට , කාර්යාල දාන්න ඒකෙ විපාක රනිල් වික්‍රමසිංහට ලැබිලා තිබෙනවා.

කොළඹ ජීවත්වල ජනතාවට කොළඹ භූමියේ අයිතිය බුක්ති විදින්න අවස්ථාව ලබාදිලා නෑ. ඒ අවස්ථාව ලබාදෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස ගේ ආණ්ඩුවෙන්. වික්‍රමසිංහගේ බොරු වලට කොළඹ ජනාතාව දැන් රැවටෙන්නේ නෑ. මැතිවරණ තියන්න අපිත් එක්ක සෙල්ලම් කරලා බලමු කවුද දිනන්නේ කියලා.

=======================================

ප්‍රශ්නය – ආර්ථිකට බංකොලොත් කළැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ පිරිස ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දාන්න යනවා.

පිළිතුර – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දාලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කල් මරන්නයි සුදානම් වෙන්නේ. නීතියට අනුව සිදුකළ යුත්තේ ජනාධිපති කොමිසන් සභාවක් හරහා මෙම පිරිසට විරුද්ධව අපරාධ නඩු පවරලා මොවුන්ගෙන් අය කර ගත යුතු දේවල් අය කරගත යුතුයි. බොරු තේරීම් කාරක සභා වැඩක් නෑ . විනිවිදභායක් තිබෙන තේරීම් කාරක සභාවක් දාන්න ඕන නම් විපක්ෂයෙන් සභාපතිවරයෙක් පත් කරන්න.

ප්‍රශ්නය – කෝප් කමිටුවේ සභාපතිගේ ක්‍රියාකලාපය ගැන ඔබතුමාගේ අදහස කුමක්ද,

පිළිතුර – කෝප් සභාපතිගේ සංඥාව හොයා ගත්තේ මම. මම ඒ ගැන හේෂා මන්ත්‍රීවරයාට සහ මදුර මන්ත්‍රීවරයාට පෙන්නුවා. මම ඒක පෙන්නුවාට පස්සේ තමයි කෝප් සභාපති නහය ඇතුළට ඇගිල්ල දැම්මේ.

ලිට්‍රෝ ගෑස සමාගම , ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුවට කැඳවන්න කියලා මම කෝප් සභාපතිට ලිඛිතව ඉල්ලීමක් කළා. ඔවුන්ව කෝප් කමිටුවට ගෙනාවේ නෑ. අසුචු පොහොර නැව පිළිබඳ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරළත් ඒ වාර්තාව කෝප් කමිටුවට ගෙනාවේ නෑ. ප්‍රමුඛතාවය නොදිය යුතු ආයතන කෝප් කමිටුවට ගෙනල්ලා බොරු සංදර්ශන පවත්වනවා. කෝප් සභාපති කෝප් කමිටුවේ සමාජිකයෙකු වීමටවත් සුදුසු අයෙක් නෙවෙයි. ඔහුට එල්ල වන චෝදනා විභාගවන තුරු ඔහු ඉල්ලා අස්විය යුතුයි.

SendShareShare
Previous Post

අයියටයි නංගිටයි ගුරුවරු නිතරම බනිනවාලු! දරාගන්න බැරිව අයියා වහ බී ඉස්කෝලෙට ඇවිල්ලා! I Sri Lanka Latest News‍

Next Post

ක්‍රිකට් තහනම නිසා 19න් පහළ ලෝක කුසලානයත් ලංකාවෙන් දකුණු අප්‍රිකාවට! Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.