• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ඡන්ද වේදිකාවේ බදු අඩු කරනවා කියලා කියන වීඩියෝවකුත් අරන් මරික්කාර් මාධ්‍ය හමුවට එයි! කෝ දැන් අඩු කරනවා කියපු බදු එකක්වත් අඩු කළාද? කෝ ආයෝජන? කෝ ආදායම්? දැන් මොකද්ද ජනතාවට ලැබිලා තියෙන සහනේ? මේක ‘වාමාංශික’ ආලේප කරපු ‘දක්ෂිණාංශික’ අයවැයක්! මාලිමාව ‘විකුණනවා’ නෙමෙයි ‘අභිලාෂ කැඳවනවා’! රාජ්‍ය සේවක වැටුපට හංගලා ගහලා! VIDEO I Sri Lanka Latest News

February 18, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේක ‘වාමාංශික’ ආලේප කරපු ‘දක්ෂිණාංශික’ අයවැයක් යැයි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (18) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය,

‘‘වර්තමාන ආණ්ඩුවේ අලුත් අයවැය මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අයවැය වාමාංශික රන් ආලේපිත දක්ෂිනාංශික අයවැයක් වගේ තමයි පෙනෙන්න තිබෙන්නේ. අලුත් ආණ්ඩුවේ අයවැයේ විකුණනවා කියන එක වෙනුවට අභිලාශකැදවීම කියලා වචනයකුත් තිබුණා.

ඒ වගේම වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ඉදිරිපත් කරන විට රාජ්‍ය සේවකයන්ගේ අවම මුලික වැටුප රුපියල් 15,000 ක් වැනි මුදලකින් වැඩි කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. රුපියල් 24,750 ක් මුලික වැටුපක් ගන්න පුද්ගලයෙකුට මේ වනවිට රුපියල් 2500 ක දිමනාවක් , රුපියල් 5000 ක සහ තවත් රුපියල් 17,000 ක පමණ දිමනා සමඟ ලැබෙනවා. දල වශයෙන් රුපියල් 49,000 කට ආසන්න ප්‍රමාණයක වැටුපක් රජයේ සේවකයෙකු ලබාගන්නවා. වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය තුළින් රුපියල් 5000 සහ රුපියල් 2500 දිමනාව කපා දමා තිබෙනවා. ඉතිරි වෙලා තිබෙන්නේ රුපියල් 17,000 දිමනාව පමණයි. රුපියල් 8250 ක් තමයි වසර තුනටම රාජ්‍ය සේවකයෙකුට ලැබෙන්නේ. මේ වසර තුළ ලැබෙන්නේ රුපියල් 5975 ක මුදලක්. රුපියල් 5000 ක් සහ ඉතුරු රුපියල් 3250 සියයට 30 ක දිමනාවක් තමයි ලැබෙන්නේ. ලබන අවුරුද්දේ දි වැටුපට රුපියල් 2000 කට ආසන්න ප්‍රමාණයක් එකතුවීමට නියමිතයි. ජාතික ජන බලවේගයේ කතා වලට රාජ්‍ය සේවකයින් රැවටුන බව තේරුම් යන්නේ අප්‍රේල් මාසයේ 8 වැනිදා පඩි ලබනකොටයි. ඒ වගේම රාජ්‍ය සේවකයන් සිතාගෙන ඉන්නේ රුපියල් 15,000 කින් වැටුප් වැඩි කරනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ වැඩි වෙන්නේ රුපියල් 5975 ක මුදලක්. ඒ වගේම මැතිවරණ වේදිකාවේදි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ආහාර සඳහා , සෞඛ්‍ය සඳහා , පාසල් උපකරණ සඳහා අය කළ බදු අඩු ජාතික ජනබලවේග රජයකින් ගෙන එන පලමු අයවැයෙන්ම අඩු කරනවා කියලා. නමුත් ජාතික ජන බලවේගයේ පළමු අයවැයෙන් ඒ කිසිවක බද්ද අඩු වෙලා නෑ. මැතිවරණ වේදිකාවේදි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තෙල් සංස්ථාව ගෙන එන සෑම තෙල් ලිටරයකින්ම රුපියල් 50 ක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතුයි කියලා. ඒ රුපියල් 50 ක මුදල අඩුකරන්න මෙවර අයවැයෙන් කටයුතු කරලත් නෑ. මේ රටේ සාමාන්‍ය ජනතාවට කිසිදු දෙයක් ලැබුනේ නැති අයවැයක් තමයි ජාතික ජන බලවේග රජය මෙවර ඉදිරිපත් කළේ.

ඒ වගේම බදු ගෙවිම් වැඩි විමට නියමිතයි. ඒ වගේම ණය ගැනිම වැඩි විමට නියමිතයි. ඒ වගේම ආර්ථික අස්ථාවරභාවය ඇති වීමට නියමිතයි. මේ වසරේ රජය බලාපොරොත්තු වෙනවා බිලියන 4990 ක ආදායමක් ලබාගන්න. නමුත් වියදම බිලියන 7190 ක්. ඒ අනුව ආණ්ඩුව බිලියන 2200 ක් ණයට ගන්න සුදානම් වෙනවා. බිලියන 2200 ක් ණයට ගැනිමෙන් ණය බර වැඩි වෙනවා. බිලියන 2200 ක් කියන්නේ ඩොලර් බිලියන 7.3 ක්. දැනට රටේ සමස්ත ණයබර ප්‍රමාණය ඩොලර් බිලියන 95 ක් වෙනවා. රජය ණය ගන්න බලාපොරොත්තු වෙන්නේ රුපියල් බිලියන 75 ක් විදෙස් ණය ලෙසත් , රුපියල් 2125 ක් දේශියව ණය ගන්න ආණ්ඩුව කටයුතු කරනවා. නමුත් ජනාධිපතිවරයා කිව්වේ ණය ගන්නේ නැතිව ආණ්ඩුව කරගෙන යන බවයි.

ඒ වගේම රජය බලාපොරොත්තු වෙන බිලියන 4990 ඒ ආකාරයෙන්ම ලැබෙයිද කියලා සැකයක් තිබෙනවා. එයින් රුපියල් බිලියන 4590 බදු ආදායමෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ආණ්ඩුවේ බදුවාදායම පුරෝකථනයක් පමණයි. ස්ථිර වශයෙන්ම ලබනවා කියලා සඳහන් කරලා නැහැ. ඒ අනුව යම් හිඟතාවයක් ඇති වුවහොත් අනිවාර්යෙන්ම ණය ගැනීම වැඩිවෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කළා 2028 වෙනකම් ණය ගෙවීම අත්‍යාවශ්‍ය නැහැ කියලා. ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් පවසා තිබෙන්නේ අසත්‍යයක්. සමස්ත ණයබර ප්‍රමාණය වන ඩොලර් බිලියන 95 න් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවල තිබුණේ ණය ඩොලර් බිලියන 12.5 යි. ඒ අනුව ඒහි පොලිය ගෙවීම⁣ට අවශ්‍යයි. ප්‍රාග්ධනය පමණයි 2028 දක්වා ගෙවීම නැත්තේ. ඒ අනුව ඉතුරු බිලියන 82.5 ප්‍රාග්ධනය සහ පොළිය දෙකම ගෙවිය යුතුයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීම සඳහා මේ වසරේදී බිලියන 1230 වෙන් කරලා තිබෙනවා. ණය සහ පොලිය ගෙවීම සඳහා බිලියන 2950 ක් වෙන් කරලා තිබෙනවා. 2028 වනතුරු ණය ගෙවීමට අවශ්‍ය නැතිනම් මෙතරම් මුදලක් වෙන් කරන්නේ කුමකටද. ? රටේ සුබ සාදන කටයුතු සඳහා වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 1290 යි. සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1315යි. ඒ අනුව ඩොලර් 2950 ක් ණය ගෙවිය යුතුයි.

නමුත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වුන ලංකාවේ ජනතාවට වැටහෙයි මේ අයවැය අවසන් වන විට තමන් කොතනද සිටින්නේ කියන දෙය. ඒවගේම ජනාධිපතිවරයාගේ මාස හැටක දූර කාලයෙන් මාස පහක් අවසන් වෙනවා. ඒ අනුව ජනතාව අයවැයෙන් යම්කිසි සහනයක් ලැබේ වියැයි බලාපොරොත්තුවෙන්න් සිටියා. නමුත් සිදු වී තිබෙන්නේ ණය ගැනීම වැඩිවිම , රාජ්‍ය සේවකයාව රැවැට්ටවිම , ඉන්ධන , අධ්‍යාපන , සෞඛ්‍ය සඳහා අය කරන බදු පළමු අයවැයෙන් අඩු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා නමුත් ඒ කිසිදු බද්දක් අඩු කිරීමට මෙවර අයවැයෙන් කටයුතු කරල නෑ. කෙසේ නමුත් මේ ණය සහ වියදම් පියවා ගැනීමට ඉදිරියේදී බදු වැඩි කිරීම පමණයි සිදුවන්නේ.

ඒවගේම ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන් පිරිස අයවැය ඉදිරිපත් කිරිමෙන් පසු සතුටින් සිටියේ පැය දෙකයි. ඉන් පසුව තමයි රාජ්‍ය සේවකයාව සහ රටේ සමස්ත ජනතාව රවටා ඇති බව ජනතාවට අවබෝධ වුණේ. ඒ වගේම පුද්ගලික අංශයේ සේවකයන්ට වර්තමාන අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නැහැ. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ආහාර පාන සඳහා කිසිදු සහනයක් මෙවර අයවැයෙන් ලබාදී නැහැ. ඒවගේම පාසල් දරුවන්ගේ පාසල් උපකරණවලට ලබා දෙනවා යැයි කියූ සහන කිසිවක් මෙවර අයවැයෙන් ලබා දීනැහැ. ඒ වගේම රටේ ජනතාව මිලදී ගන්නා ඖෂධවලට ලබාදෙනවා යැයි කියු සහන කිසිවක් මෙවර අයවැයෙන් ලබාදී නැහැ. ඒ අනුව රටේ ජනතාව සතුටින් සිටිනවා යැයි කියන්නේ කොහොමද.

ඒ වගේම මෙවර අයවැයෙන් ආදායම් වැඩි කර ගැනීම සඳහා කිසිදු පියවරක් ගෙන නැහැ. අයවැය පරතරය පියවා ගැනීමට ණය ගැනීම තමයි යෝජනා වී තිබෙන්නේ. ඒ වගේම විදේශ ආයෝජන කොපමණ ප්‍රමාණයකින් වැඩි කරනවාද, සංචාරක කර්මාන්තය කොපමණ ප්‍රමාණයකින් වැඩි කරනවාද කියන ඉලක්කගත අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය අපොහොසත් වී තිබෙනවා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සමග සිදුකළ සාකච්ඡා තාවකාලිකව නතර වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරනවා කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජනබලවේගය එකතුවෙනවා කියන දෙය නෙවෙයි. දක්ෂිණාංශික කදවුර බෙදිමෙන් ලක්ෂ 25 ක ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කරන්න පැමිණෙන්නේ නෑ. ඔවුන්ගේ ඡන්දය ඉතාම වැදගත්. ඒ නිසා දක්ෂිනාංශික කදවුරේ සිටින සියලු කොටස් එකතු කරගැනිම තමයි සිදුකළ යුත්තේ. ඒ කටයුත්ත හදිස්සි වෙලා සිදුකරන්න බෑ. ඒ වගේම අපි අනුමාන කරනව අප්‍රේල් මාසයදි පළාත් පාලන මැතිවරණය පවත්වන්න ආණ්ඩුව කටයුතු කරයි කියලා. ඒ සඳහා සමගි ජන බලවේගය සුදානම්. ඒ වගේම සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසක් මේ වනවිට මැතිවරණ කොමිසමෙන් ඉල්ලිමක් කරලා තිබෙනවා අයවැය විවාදය අවසන් විමෙන් පසු පළාත් පාලන මැතිවරණය කැදවන්න කටයුතු කරන්න කියලා. ඒ අනුව මැයි මාසයේදී මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමට හැකියාව තිබෙනවා.‘‘

SendShareShare
Previous Post

වැහැලා වැහැලා එක මාසයයි පෑව්වේ! ඒ පාර බොන්න වතුර දෙන්නත් බැරි තත්ත්වයක්ලු තියෙන්නේ! වාහන වැඩිය හෝදන්නත් එපාලු! I Sri Lanka Latest News

Next Post

එකලස් කරපු වාහනයක් හංගපු සිද්ධියකට හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුතා අත්අඩංගුවට!  I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.