• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිල්වින් සිල්වා තීන්දුව දීලා ඉවරයි! මරික්කාර් හඬ පටයක් එළියට දායි! මොකද කියන්නේ දැන් අපි මේ කොමිසමට යන්න ඕනද? මාධ්‍යවේදීන්ගෙන්ම ප්‍රශ්න කරයි! මාධ්‍යයත් නිහඬයි! VIDEO I Sri Lanka Latest News

May 13, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බාල ගල්අගුරු ගෙන්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිසම සාක්ෂි සටහන් කරගැනීමටත් පෙරාතුව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා එහි අවසන් තීන්දුව ලබා දී ඇති බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා වැඩිදුරටත් මෙසේද පැවැසී ය,Sri Lanka Latest News

‘‘සමගි ජනබලවේගය පිරිසිදු පක්ෂයක් , දුෂණ වංචා චෝදනා එල්ල නොවුන පිරිසිදු දේශපාලනයක නිරත වන පිරිසක් සමගි ජනබලවේගයේ සිටිනවා. ඒ අනුව වෙනත් දේශපාලඥයෙක් වංචාවක දුෂණයක සම්බන්ධයි නම් , දුෂණ වංචා චෝදනා එල්ල වී තිබෙනවානම් ඔවුන්ව පිරිසිදු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නෙත් නැහැ. ඒ වගේම යම් යම් දේශපාලන කඳවුරුවලට සමගි ජනබලවේගය විසින් එල්ල කළ චෝදනා අදටත් වලංගු වෙනවා. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුවට පසුගිය ආණ්ඩුවල සිටි දේශපාලඥයින් කළැයි කියන වංචා දුෂණ උප්පු කර ගැනීමට ශක්තියක් නැහැ. කෙසේ හෝ සමගි ජනබලවේගය ඇතැම් දේශපාලඥයින්ට එල්ල කළ චෝදනා වෙනුවෙන් සමගි ජනබලවේගය අදටත් පෙනී සිටිනවා. ඒ වගේම ආණ්ඩු බලය තිබෙන්නේ සමගි ජනබලවේගයට නෙවෙයි. ඒ නිසා ආණ්ඩු බලය තිබෙන ජාතික ජනබලවේගය එම චෝදනා උප්පු කරන්න වහාම කටයුතු කළ යුතුයි.

ඒ වගේම ගල් අඟුරු චෝදනාවෙන් ආණ්ඩුව නිදහස් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පසුගියා දා ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් තීන්දුව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා විසින් ලබා දී අවසානයි. කෙසේ නමුත් ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක කොමිසමක් පත් කළේ මාස 6 කට. නමුත් ගල් අඟුරු වංචාවේ තින්දුව මාස තුනකින් ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ප්‍රකාශ කරනු ලබනවා. ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය සඳහා සමගි ජනබලවේගයේ සහභාගිවිය යුතුද? යන්න ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම ගල් අඟුරු සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන කොමිසන් සභාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා සිදුකරන ප්‍රකාශ හේතුවෙන් විශ්වාසයත් නැති වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා එම කොමිසමේ සභාපතිවරයාත් සිදුකරන්නේ අගෞරවයක්. කොමිසම සාක්ෂි විමසීමක්වත් සිදුකරන තිබෙන පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා තින්දුවක් ගැන ප්‍රකාශ කරනු ලබනවා. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා පක්ෂයක ලේකම්වරයෙක් පමණයි. ඔහු මහජන ඡන්දයෙන් තේරීපත්වුණ පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා ඔහුට එවැනි ප්‍රකාශ නිකුත් කරන්න කිසිදු අයිතියක් නැහැ. ඒ වගේම අධිකරණය සම්බන්ධයෙනුත් විවිධ ප්‍රකාශ නිකුත් කරන්න ජනාධිපතිවරයාටත් කිසිදු අයිතියක් නැහැ. ස්වාධීන ආයතනවල ස්වාධීනව වැඩ කටයුතු සිදුකරන්න ඉඩ ලබාදිය යුතුයි.

ඒ වගේම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ මුහුණු පොතේ තැබූ සටහනක් පිළිබඳවත් රට තුළ කතා බහක් ඇති වී තිබෙනවා. හර්ෂ ද සිල්වා මධ්‍යම දක්ෂිණාංශික කඳවුරු නියෝජනය කරන පුද්ගලයෙක්. ඒ වගේම සමගි ජනබලවේග කඳවුරේ ආර්ථික කණ්ඩායම නියෝජනය කරමින් ඒ සඳහා නායකත්වය ලබා දෙනු ලබන්නේ හර්ෂ ද සිල්වා. ඒ වගේම ආණ්ඩුවට ඔහු සහාය ලබා නොදෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම සියල්ලටම ඉහළින් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන නායකත්වය ලබා දෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙළට සහාය ලබා දෙන්න හර්ෂ ද සිල්වා කැමැතියි. ඒ වගේම නාගරික සංවර්ධන ක්ශ්‍රේත්‍රය හෝ බලශක්ති ක්ශ්‍රේත්‍රය ශක්තිමත් කරන්න අවශ්‍ය නායකත්වය ලබාදෙන්න මම සූදානම්. ඒ වගේම සමගි ජනබලවේගයේ සිටින දක්ෂ කණ්ඩායම රටේ විවිධ ක්ශ්‍රේත්‍රයන් ශක්තිමත් කරන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන්න සූදානම්. ඒ වගේම සමගි ජනබලවේගය තුළ කිසිදු අර්බුදයක් නැහැ. නමුත් ඇතැම් පිරිස් පක්ෂය තුළ යම් යම් අර්බුද නිර්මාණය කරන්න උත්සහ කරනවා.

ඒ වගේම මේ වනවිට විදුලි බිල වැඩි වෙලා තිබෙනවා , ජල බිල වැඩි වෙන්න නියමිතයි , ඖෂධවල මිල වැඩි වී තිබෙනවා , බස් ගාස්තු වැඩි වෙලා තිබෙනවා , ඉන්ධන මිල වැඩි වෙලා තිබෙනවා. රටේ සෑම ක්ශ්‍රේත්‍රයක්ම මේ වනවිට විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. ඒ වගේම ලෝකයේ යුදමය වතාවරණය හේතුයෙන් විදේශ ප්‍රේෂණ වලට ගැටලුවක් ඇති වී තිබෙනවා. ඒ වගේම අපනයනය යම් මට්ටමකට සීමා වී තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව විවෘත ආර්ථිකයක් වෙනුවට සංවෘත්ත ක්‍රමයක් ඇති කිරිම තුළ විදේශ රටවල් සමඟ පාලම් බඳිනවා වෙනුවට දූපත් මානසිකත්වයෙන් කටයුතු කිරීම තුළ රටේ සෑම ක්ශ්‍රේත්‍රයක්ම කඩා බිඳ දමා තිබෙනවා. ඒ හේතුවෙන් රටට සෘජු විදේශ ආයෝජන පැමිණෙන්නේ නැහැ. ඒ වගේම සෘජු විදේශ ආයෝජන නොලැබිම හේතුවෙන් සංචිත ප්‍රමාණයද අඩු වෙනවා. කෙසේ නමුත් රටේ සියලුම ක්ශ්‍රේත්‍ර ශක්තිමත් කර එහි ප්‍රතිලාභ රට වැසියාට ලබාදිය යුතුයි.

ඒ වගේම බලය ලබා ගැනීම සඳහා දේශපාලන වේදිකාවේ බොරු ප්‍රකාශ කිරීම නොකළ යුතුයි. ආණ්ඩුව දේශපාලන වේදිකාවේ ලබාදුන්න බොරු පොරොන්දු හේතුවෙන් අද විදවමින් සිටිනවා. ජනතාව බලය ලබා දෙන්නේ කයිවාරු ගසමින් රටේ ජනතාව මුලාවට පත් කිරීම සඳහා නෙවෙයි. රටේ සියලු ක්ශ්‍රේත්‍රයන් දියුණු කර ඒවායේ ප්‍රතිලාභයන් රටේ ජනතාවට ලබා දිය යුතුයි. ඒ වගේම සමගි ජනබලවේගය විපක්ෂයේ සිටියත් රටේ දියුණු කළ හැකි ක්ශ්‍රේත්‍ර සඳහා ආණ්ඩුවට ශක්තියක් වෙන්න සෑම අවස්ථාවකදීම කටයුතු කරනු ලබනවා. ඒ වගේම ඕනෑම ක්ශ්‍රේත්‍රයක් භාර ගෙන රටට සෘජු විදේශ ආයෝජන ගෙන ඒමේ සැලසුම් සමගි ජනබලවේගය සතුව තිබෙනවා.

ඒ වගේම දුෂණ වංචා චෝදනා නැති , පලපුරුද්දක් තිබෙන , දක්ෂ පිරිසක් සිටින්නේ සමගි ජනබලවේගයේ පමණයි. ඒ නිසා රට ශක්තිමත් කරන වැඩපිළිවෙළට ආණ්ඩුව එකතු වී වැඩ කටයුතු කරන්නැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව ආරාධනා කරනවා. ඒ වගේම අත්හදා බැලිම් නොකළ කණ්ඩායමක් සමගි ජනබලවේගයේ සිටිනවා. ඒ වගේම ඊළග වතාවේදී යථාර්තය තේරුම් ගෙන අත්හදා බැලිම් නොකළ නායකයෙකුට සහ කණ්ඩායමකට රට භාර දෙන්න රටේ ජනතාවට භාර දෙන්න සිදුවෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අද්දැකිම් සහ පලපුරුද්ද රටේ ජනතාව වෙනුවෙන් භාවිතා කරන්න සූදානම්. ඒ වගේම රටේ පොදු විපක්ෂය ලෙස ලියාපදිංචි වුණ දෙයක් නැහැ. නිල වශයෙන් රටේ විපක්ෂ නායකවරයා වන්නේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණයි. ඒ වගේම සමගි ජනබලවේගය පොදු විපක්ෂ එක්ක එකුත වෙන්න තිරණය කරලා නැහැ. සමගි ජනබලවේගය එකතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ පමණයි.

ඒ වගේම සමගි ජනබලවේගය විශ්වාස කරනු ලබන්නේ විවෘත වෙළඳපොල ආර්ථිකයක් , තරඟකාරි වෙළඳපොලක් නිර්මාණය කරන ආර්ථිකයක් , ඒ වගේම කූඨ ව්‍යාපාරිකයන්ගේ වැඩ කටයුතුවලට ආණ්ඩු හසු නොවිය යුතුයි. ඒ වගේම සමගි ජනබලවේගය ප්‍රතිපත්ති පාවා දෙන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ වගේම සමගි ජනබලවේගය මැතිවරණ දෙකක පරාජයට පත් වුණා. නමුත් රටේ ජනතාව සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන්ට හොරුන් ලෙස ආමන්ත්‍රණය කළේ නැහැ. ඒ වගේම සමගි ජනබලවේගය යනු ප්‍රජාතත්ත්‍රවාදය විශ්වාස කරන වෙළඳපොල ආර්ථිකය විශ්වාස කරන ලෝකය සමඟ ගනුදෙනු කරන , තරඟකාරි වෙළදපොල තුළ ජනතාවට සහන ලබාදිය යුතු බව සමගි ජනබලවේගය විශ්වාස කරනු ලබනවා.‘‘

SendShareShare
Previous Post

සජබ-UNP එකතුව කඩන UNP භූතයෝ දෙන්නාගේ රූකඩය ‘මාන්නප්පෙරුම’ගේ කටින් පැන්න ඇත්ත! රනිල් ජනාධිපති කිව්වොත් විතරයි සජබ UNP එකතු වෙන්නේ..! දැන් හිතාගනිල්ලා මේක කඩන්නෙ සජිත්ද රනිල්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඩීසල් ලීටරයක් රුපියල් 720ක් වෙනවා! දැන් අපි දෙන්නේ 392කට! ආණ්ඩුවෙන් 100ක සහනාධාරයක් දෙනවා! මේ පාඩුව දිගටම දරාගන්න බෑ! අනුර නුවරඑළියේදී මේ දුන්නේ තවත් ලොකු ගාණකින් තෙල් මිල වැඩි කරන්න වෙන බවට ඉඟියක්ද? I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.