විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව සඳහන් කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. Sri Lanka Latest News
එහි කොමසාරිස් ජනරාල් නිමල් පුංචිහේවා සඳහන් කළේ පැෆ්රල් සංවිධානය මඟින් අදාළ පැමිණිල්ල යොමුකර තිබෙන බවයි.
යාපනය, රුහුණ සහ කැළණිය විශ්ව විද්‍යාලවල සිසුන් පිරිසකට එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බව නිරීක්ෂණය වී තිබේ .
මේ සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබා දීමට විශ්ව විද්‍යාල කුලපතිවරුන් සමඟ සාකච්ඡා පවත්වන බව නිමල් පුංචිහේවා වැඩිදුරටත් කියා සිටියේය.










