මේ දිනවල සමේ රෝගවල හදිසි වැඩිවීමක් වාර්තා වෙමින් තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.Sri Lanka Latest News
දැනටමත් මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි ‘ ද එම කාර්යාංශය කියයි .
දැනට වාර්තා වී ඇති අන්දමට එම රෝගීන්ගෙන් සියයට විස්සක් ( 20 % ) වාර්තා වී ඇත්තේ බෝවන සමේ දිලීර රෝගයක් වන Ringworm බවද , මේ පිළිබඳව අදහස් දැක් වූ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට මහතා මව්රට’ ට පැවසීය .
මෙම රෝග තත්ත්වය රතු පැහැයෙන් යුතුව කවාකාර කුෂ්ඨ ලෙස පිටතට දක්නට හැකි බවද , සමේ ස්පර්ශය ඇතිවීමෙන් , එවැනි රෝගියකු භාවිතා කරනු ලබන තුවා සහ ඇඳුම් එකිනෙකා අතර හුවමාරුකර ගැනීමෙන් , මෙකී රෝග තත්ත්වය පැතිරී යා හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය .
මෙම රෝග තත්ත්වය ඇති වූවන් වෙළඳ පළේ ඇති ලියාපදිංචි නොකරන ලද ක්‍රීම් වර්ග ගෑමෙන් වැළකී සිටිය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි .
සමේ කිසියම් ආසාදන තත්ත්වයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවද , හිතූ මතයට ඒ වෙනුවෙන් ඖෂධ ලබා ගැනීමෙන් වැළකිය යුතු බවද විශේෂඥ වෛද්‍ය වරයා වැඩි දුරටත් අවධාරණය කරයි .
නන්දන ශ්‍රී දොරකුඹුර










