රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප හිමිව ඇත.Sri Lanka Latest News
ඒ ඔහු අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස ඇප මත මුදා හැර තිබේ.
නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්විය.
මේ අතර මනූෂ නානායක්කාර මහතා සදහන් කොට ඇත්තේ තමන්ට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට තමන්ට දැනුම් දීමක් කොට නැති බවකි.










