• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

manthri.lk අවුරුදු 10 පන්නයි! I Sri Lanka Latest News

August 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
manthri.lk අවුරුදු 10 පන්නයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2013 වසරේ එළිදැක්වුණු ආසියාවේ ප්‍රථම පාර්ලිමේන්තු නිරීක්ෂක වේදිකාව වන Manthri.lk හි දසවස් සැමරුම පසුගිය සතියේ යෙදී තිබිණ.‍Sri Lanka Latest News

Manthri.lk වේදිකාව පවත්වාගෙන යනු ලබන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය යි.

එදා සිට අද දක්වා ගෙවී තිබෙණ කාලය ඇතුළත Manthri.lk වේදිකාව යටතේ ආවරණය කර ඇති පාර්ලිමේන්තු සභාවාර සංඛ්‍යාව 5000කට අධික ය. මෙම සෑම සභාවාරයකම හැන්සාඩ් වාර්තාවන් කේතකර, එම කේතකරණය හරහා ගණනය කිරීම් සිදුකර, එම ගණනය කිරීම් පදනම් කරගෙන කාණ්ඩගත කිරීම් සිදුකර, අවසන මෙම සියල්ල ආවරණය වන පරිදි විශ්ලේෂණයන් සිදුකර ඇති Manthri.lk, ඒ පදනමේ සිට පාර්ලිමේන්තුවේ සිටි සියලුදෙනා ඔවුන් පාර්ලිමේන්තු සභාවාරයන්ට ලබාදුන් දායකත්වයන් අනුව ශ්‍රේණිගත කර ඇත.

මෙම ක්‍රමවේදය හරහා මන්ත්‍රීවරුන්ගේ ඵලදායක දායකත්වයන් හඳුනාගැනීමට හැකිවන නිසාම, පාර්ලිමේන්තුවට ඵලදායක දායකත්වයක් ලබාදෙන මන්ත්‍රීවරයෙක් ලෙස ජනතාව හමුවට යාමට Manthri.lk, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත්වැලක් සපයයි. එමෙන්ම, තමන් තෝරාපත් කර එවූ නියෝජිතයා, කොපමණ දායකත්වයක් පාර්ලිමේන්තුවට ලබා දී තිබෙනවා ද, යන්න සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත් Manthri.lk සිදුකරයි.

Manthri.lk මන්ත්‍රීවරුන් ශ්‍රේණිගත කිරීම සන්සන්දනාත්මකව ද සිදුකරයි. ඉහළ දායකත්වයක් ලබා දී ඇති මන්ත්‍රීවරුන්ව මාසිකව සහ වාර්ෂික පදනම් යටතේ හඳුනාගැනීම ද සිදුකරයි. මෙවැනි ඇගයුම්, පාර්ලිමේන්තුවට අඛණ්ඩ දායකත්වයක් ලබාදෙන මන්ත්‍රීවරුන්ගේ ජනතා ප්‍රතිරූපය ගොඩනැගීමට හේතු වේ. ඔවුන් ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව පත්ව සිටින්නේ ද, එවැනි දායකත්වයන් ලබාදීමටම ය.

මෙම සියලුම තොරතුරු සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබාදීමේ පහසුකම Manthri.lk වේදිකාව සතු ය.

ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය මේ ගෙවුණු කාලය ඇතුළත වඩ වඩාත් විමසුමට ලක් කිරීමටත් Manthri.lk වේදිකාව කටයුතු කර ඇත. පාර්ලිමේන්තු න්‍යාය පත්‍ර, පණත් කෙටුම්පත්, ලිඛිත ප්‍රශ්න යනාදී පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නවතම තොරතුරු ජනතාවට සපයන අතරම, වැදගත් ක්‍රියාකාරකම් අරබයා පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටින ආකාරය විශ්ලේෂණය කිරීමත් Manthri.lk සිදුකරයි. අමාත්‍යාංශයීය උපදේශක කාරකසභා කැඳවීම සම්බන්ධ තොරතුරු ජනතාවට අවබෝධ කරගත හැකි ආකාරයට ප්‍රකාශයට පත්කිරීම එවැන්නකි.
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කමිටුවල රැස්වීම්වලට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් වන තොරතුරු අදාළ පරිදි ප්‍රසිද්ධ කිරීමට පාර්ලිමේන්තුව කටයුතු නොකිරීම ගැටලුවකි. එය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාදායකයට ලබාදෙන සම්පූර්ණ දායකත්වය මැනීමට Manthri.lk දරන උත්සාහය සාර්ථක කරගැනීමට බාධාවකි.

Manthri.lk වේදිකාවට ජීවය සපයන්නේ වෙරිටේ රිසර්ච් ආයතනයේ සිටින පාර්ලිමේන්තු පර්යේෂක කණ්ඩායමයි (Parliamentary Research Team: PRT). ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, විශ්ලේෂණ සටහන් සහ දැනුවත් කිරීම් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපකාර කිරීමත් මෙම කණ්ඩායම සිදුකරයි. මෙම සහාය විශේෂයෙන්ම ලබාදෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන පණත් සහ පාර්ලිමේන්තු සභාගර්භයේ විවාදයට ලක්වන කාරණා සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් මන්ත්‍රීවරුන් වෙත ලබාදීමේ අරමුණින් ය.

පාර්ලිමේන්තුව සමග වඩා සක්‍රීයව සම්බන්ධ විය හැක්කේ කෙසේදැයි සිවිල් සමාජ සංවිධාන, වෘත්තිය සමිති සහ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමට, අධ්‍යාපනික වැදගත්කමක් ඇති වැඩසටහන් පැවැත්වීමත් මෙම කණ්ඩායම සිදුකරයි. පාර්ලිමේන්තුවේ වාද විවාද කරන, තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය, සමස්ත සමාජයට වැදගත් වන කාරණාවලට යොමු කළ යුතුය. එසේ කිරීම සඳහා සිවිල් සමාජ සංවිධානවල, වෘත්තිය සමිතිවල සහ ජනමාධ්‍යවේදීන්ගේ හැකියාව වඩාත් දියුණු කිරීම අදහස් කරගෙන මෙම වැඩසටහන් නිර්මාණය කර තිබේ. පාර්ලිමේන්තුව නම් ආයතනය හරහා මහජන නියෝජනය වඩාත් ප්‍රතිඵලදායක කරගත හැක්කේ කෙසේද යැයි ජනතාවගේ අවබෝධය වැඩිදියුණු කිරීමටත් Manthri.lk වේදිකාව දායකත්වය ලබාදේ. මෙම අවබෝධය ජනතාවට වඩාත්ම වැදගත් වන්නේ මැතිවරණ සමයන්වලදී ය.

ගෙවුණු වසරේ දී, Manthri.lk, ManthriWatch නම් Twitter ගිණුමක් ආරම්භ කළේ ය. දිනක පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයක වැදගත් සාකච්ඡා සහ විවාදයන් ක්ෂණිකව මෙම ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කෙරෙන අතර, එම ස්වභාවය නිසාම ඉතාම කෙටි කාලයක් ඇතුළත ඉහළ පිරිසක් ManthriWatch ගිණුමට එක්විය. මෙම ක්‍රමවේදයම තරුණ ප්‍රජාව අතර ඉතාම ප්‍රචලිත TikTok වේදිකාවේ ද, ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. මෙවන් නව ක්‍රමවේදයන් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කිරීමෙහි ලා ඉතාම වැදගත් වන ආයතනයන් අතුරින් ප්‍රමුඛස්ථානයේ පවතින පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සමාජයේ වැඩි අවධානයක් දිනා ගැනීමට සහ සමාජය සහ පාර්ලිමේන්තුව අතර වඩා සක්‍රීය සබඳතාවයක් නිර්මාණය කිරීමට පවතින අවකාශය පුළුල් කිරීමට Manthri.lk වේදිකාව සමත්ව ඇත.

SendShareShare
Previous Post

අධිකරණ නියෝග මැද වෘත්තීය සමිති කොටුව වටලයි! මහබැංකු අධිපති පස් දෙනෙක්ට සාකච්ඡාවක් දෙයි! වෘත්තීය සමිති 20කට යන්න ඉල්ලයි! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

ඊශ්වර විංසතියේ පාලකයින්ටත් වස් I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.