අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින මානුෂීය ගැටලු සඳහා මැදිහත්වීම ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ වෙත අද (23) ලිපියක් යොමුකර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව, ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිත අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත භාරදීම අද පෙරවරුවේ සිදුකෙරුණි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවදුරටත් එහි ප්‍රතිකාර ලබමින් සිටියි.
ඔහු ජාතික රෝහලට ඇතුළත් කර අදට දින 16ක්.
එවන් පසුබිමක සුරේෂ් සලේ මහතාගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ වෙත ලිපියක් යොමුකිරීමට මෙලෙස පියවර ගෙන තිබේ.
ඒ සලේ මහතා සම්බන්ධව ශ්‍රී ලංකා කතෝලික සභාවේ පියතුමන් කිහිප දෙනකුම ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් දක්වා ඇති වාතාවරණයකදීය.










