අද (29) පැවැති ජාතික සභාවේ පළමු රැස්වීමට විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
කෝපා සහ කෝප් කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබාදිය යුතු බවට ජාතික සභාවේදී ප්‍රකාශ කළ බවත්, එම ධුර විපක්ෂයට නොලැබෙන්නේ නම් විපක්ෂය ජාතික සභාවෙන් ඉවත්වන බව ප්‍රකාශ කළ බවත් මනෝ ගනේෂන් මහතා එහිදී සඳහන් කර සිටියා.










