හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා අනුරාධපුර බන්ධනාගාරයට බීමත්ව පැමිණ පිස්තෝලය තමන්ගේ හිසට තබා තර්ජනය කළ බව සිරකරුවන් විසින් තමන්ට අනාවරණය කළේ යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු වන මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන සහ රෝහණ බණ්ඩාර යන මහත්වරු සදහන් කළහ.
ඒ අද දින මෙම සිද්ධිය පිළිබද තොරතුරු සෙවීම සදහා අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවය.
එහිදී රත්වත්ත මහතා පිස්තෝලය ලෝඩ් කර ඇති බව සිරකරුවන් තමන්ට කී බව රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
මෙහිදී මන්ත්‍රීවරුන්ට මුලින් බන්ධනාගාරයට යාමට නිලධාරීන් අවසර නොදුන්නත් පසුව මන්ත්‍රීවරු කතානායකවරයාට කතා කොට ඒ සදහා අවසරය ලබා ගත්හ.










