• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනම්පිටියේ බස් රථ අනතුරෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට! හඳුනා නොගත් සිරුරු රැසක් තවමත් රෝහලේ ! Sri Lanka Latest News

July 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මනම්පිටියේ බස් රථ අනතුරෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට! හඳුනා නොගත් සිරුරු රැසක් තවමත් රෝහලේ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මනම්පිටිය බස් රථ අනතුරේ මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් හතළිස් එක්දෙනකුට තුවාලය. ඊයේ (09) රාත්‍රී 7.45 ට පමණ පොලොන්නරුව මනම්පිටිය කොටලීය පාලමේ ඔයට වැටී සිදුව වූ බස්රථ අනතුරට සම්බන්ධව රියදුරු අත්අඩංගුව ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිසිය කීවේය.

කදුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබු මෙම බස් රථය අනතුරට පත්වීමෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයන් දසදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇති බව පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් බස්රථයේ රියදුරු මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතළිහක් වයසැති අයෙකි.

මෙම පෞද්ගලික බස් රථයට උතුරු මැද පළාත් මාර්ගවල ධාවනය කිරීමට සඳහා මාර්ගස්ථ බලපත්‍රයක් නොමැතිව බවද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලීසිය කීවේය.

මනම්පිටිය පොලිසිය කියන්නේ මෙම මාරක අනතුරට හේතුව රියදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය පැදවීම් බවය.

අනතුරෙන් වැලිකන්ද බොරවැව අංක 130 ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු 18 ක තරුණයෙකුද මියගොස් ඇත.

කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වූ එම තරුණයා මවුපියන් සමඟ තම මිත්තණියගේ මල ගෙදරට යෑම සඳහා කදුරුවෙල නගරයෙන් ගමන් අරඹන කල්මුණේ බස් රථයට ගොඩ වී තිබිණි.

මියගොස් සිටින සෙසු අය කල්මුණේ සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මියගිය ඇතැම් අයගේ තොරතුරු මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකිවී ඇත. ඔවුන්ගේ අනන්‍යතාව සහතික කරගත හැකි සියලු දේ කොටලීය ඔයේය. එම මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇත.

මෙම බස් රථය අනතුරට පත්වීමෙන් පසුව මනම්පිටිය පොලිසිය, යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව පැයතුනක පමණ මෙහෙයුමකින් අනතුරුව බස් රථයේ සිරවී සිටි තුවාලකරුවන් හතළිස් එක් දෙනකු පමණ ගොඩටගෙන පෞද්ගලික වාහන සහ ගිලන් රථවලින් මනම්පිටි‍ය සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත් කළහ.

බස් රථය කොටලීය ඔයට වැටීමෙන් එම බස්රථයට තවත් මගින් යටවී ඇතිද යන්න සොයා බැලීම සඳහා කමාන්ඩෝ බලකාය මාදුරුඔය හා වැලිකන්ද යුධ හමුදා කඳවුරුවල පිහිනුම් ඒකක මෙන්ම ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ සහ වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල සහ මනම්පිටිය අතර මෙවැනි අනාරක්ෂිත පටුපාලම් දෙකක් පිහිටා තිබෙන අතර, එම පටුපාලම් දෙකෙන් පසුගිය කාලවලදී බස්රථ, යතුරු පැදි, මෙන්ම වාහන විශාල වශයෙන් අනතුරට ලක්ව මිනිස් ජීවිත අහිමි වී ඇති බවත්, මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම පටුපාලම් දෙක ඉතා කඩමින් පුළුල් කර මෙම ප්‍රධාන මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙසත් රියදුරන් මෙන්ම මගීහු ද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

lankasara

SendShareShare
Previous Post

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

Next Post

රත්තරන් තොගයක් නිදහස් කරන්න වජිර බලපෑම් ‌කළේ නෑ! අභියාචනයක් කළා විතරයි! රේගු මාධ්‍ය ප්‍රකාශක කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more
Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.