මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් උග්‍ර තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් විසිපස් දෙනකු සිටින බව අතිරේක ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සුමුදු තෝරදෙණිය පවසයි. (Sri Lanka Latest News)
සාමාන්‍ය වර්ධන තත්ත්වයක් නොපෙන්වන මන්දපෝෂණයට ආසන්න හේතු ඇති දරුවන් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් ද ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වෙසෙන බවද ඇය පැවසීය.
මෙම දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකොට ඔවුන්ගේ සෞඛ්‍ය වර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා සිටිමින් බවද ඇය පැවසීය.
උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සෞඛ්‍ය වර්ධනය කිරීමට අවශ්‍ය අධි පෝෂණීය ආහාර වර්ග ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් හා වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහන් වත්වාගෙන යන බවද වෛද්‍යවරිය කියා සිටියාය.
ඇය මෙම කරුණු දැක්වූයේ ඊයේ (12) මහනුවර පැවති ප්‍රජා සහභාගිත්වය තුළින් අන්තර්කරණය සඳහා කාන්තාවන් සංවිධානය කිරීමේ ව්‍යාපෘති යටතේ පැවති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන ඔස්සේ ප්‍රාදේශීය කාන්තාවන්ගේ ගැටලු ඔවුන් විසින්ම මතු කරගනිමින් ඔවුන් හරහා ගමට විසඳුම් ලබාදීමට සැලසුම්කර තිබිණි.
තවද කාන්තාවන් දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීමත් ජනතා ගැටලු රාජ්‍ය නිලධාරීන් වෙත රැගෙන ඒමටත් අවශ්‍ය යාන්ත්‍රණයක් සැකසීමත් අපේක්ෂාව විය.
මෙම සාකච්ඡාව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්තල ජයරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
lankasara










