• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට නඩු දමා ඇති හැමිල්ටන් සංචිත බැංකුවත් එක්ක කබ්රාල් සම්බන්ධ බවට මන්ත්‍රීවරයෙක් කරපු චෝදනාව ඇත්තද? මෙන්න උත්තරේ! I Sri Lanka Latest News

September 13, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මුදල් අවභාවිත කළ බවට චෝදනා! කබ්රාල්ට රට යාම උසාවියෙන් තහනම් කරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව විසින් ISB බැදුම්කරය නොගෙවීම නිසා, ශ්‍රී ලංකාවට නඩු පවරා ඇති “හැමිල්ටන් සංචිත බැංකුව” (HRB) සහ මා අතර “විභව සම්බන්ධතා” (potential links) පවත්වාගෙන යන බවට එක්තරා මන්ත්‍රීවරයෙකු මෑතකදී චෝදනා කරමින්, යම් වැරදි ක්‍රියාවකට මා සම්බන්ධ කරන්නට උත්සාහයක් දරා ඇති බව මා හට පෙනී ගොස් ඇත. මා එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මාගේ මහ බැංකු අධිපති ධූර කාලයේදී මා ඇතුළු මහ බැංකුවේ නිලධාරීන් සහ ආයෝජකයින් සහ විදේශ ආයෝජන ආයතන වල නිලධාරීන් ගෞරවයෙන් සහ එකාකාරව සලකරන ලද අතර, ඒ අනුව, HRB නිලධාරීන්ටද මහ බැංකුව හෝ මවිසින් විශේෂ සැලකිලි හෝ අභ්‍යන්තර තොරතුරු ලබා දී නොමැති බව ප්‍රකාශ කළ යුතුය. ඇත්ත වශයෙන්ම, ප්‍රධාන මාධ්‍ය ධාරාවල සහ සමාජ මාධ්‍ය ධාරාවල වාර්තා වලින් සනාථ වනු ඇති පරිදි, මා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළ, බොහෝ ප්‍රමුඛ පෙළේ ගෝලීය ආයෝජකයින් සහ මහ බැංකු ඉහළ නිලධාරීන් මා හමුවී ඇති අතර, ඔවුන් සියලුදෙනා සමග සුහදව, විශ්වාසයකින් සහ අවංකවම මා කටයුතු කර ඇති නිසා, අංශු මාත්‍රයක්වත් සාක්ෂි නොමැතිව, මා වෙත දේවේශසහගත චේතනාවන් ආරෝපණය කිරීමට මේ අය උත්සාහ කිරීම අතිශයින් නින්දිත බවද කියා සිටිය යුතුමයි.Sri Lanka Latest News

තවද, 2022 ජනවාරි 18 වැනි දින, USD මිලියන 500 ක කල් පිරුනු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය (ISB) ශ්‍රී ලංකා රජය විසින් නොපියවිය යුතුව තිබුණේ යයි විදහා දැක්වීමට, මෑතකදී එක්තරා මන්ත්‍රීවරයකු විශාල උත්සාහයක් ගන්නා බවට, ඔහු විසින් කරන ලද ප්‍රකාශන වලින් මා හට පෙනී ගොස් ඇත. ශ්‍රී ලංකාව, සිය පරිණත වන ISB අගරු කරන ලෙසට 2021 දෙසැම්බර් අග සිට පමණ විවිධ පුද්ගලයින් විසින් දැඩි උත්සාහයක් ආරම්භ කරන ලද බව පැහැදිළිය. තවද, වෘත්තිකයන් යයි කියා ගන්නා සමහරු රටේ විදේශ ණය පැහැර හරින ලෙසටද, ප්‍රතිව්‍යුහගත කරන ලෙසටද, විවිධ අවස්ථාවලදී මුදල් මණ්ඩලයෙන් සහ රජයෙන් සෘජුවම ඉල්ලා සිවින ලදී. තවත් සමහර අය එලෙස ණය පැහැර හැරීම පෙළඹවීමට ජනප්‍රිය පුවත්පත්වලින් ප්‍රසිද්ධ ඉල්ලීම්ද කර සිටියහ. ඒ අතරම, ශ්‍රී ලංකාව තම විදේශ ණය පැහැර හැරියහොත්, එය රටට සහ ආර්ථිකයට බෙහෙවින් හානිදායක වනු ඇතැයි අනතුරු ඇඟවූ වත්මන් ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු තවත් අයද සිටියහ. ඔවුන් කියා සිටියේ රාජ්‍ය ණය අනිවාර්යෙන්ම ගෙවිය යුතු බවය. එම ස්ථාවරය, 2022 මාර්තු 28 වැනි දින ජනප්‍රිය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන ජනාධිපතිවරයා විසින් ඉතා ඕනෑකමින් පැහැදිලි කරනුද ලැබීය.

2022 ජනවාරි 18 වන දින පරිනත වන USD මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය, පාර්ලිමේන්තු අයවැය විසින් අනුමත කරන ලද දළ වශයෙන් USD මිලියන 7,100 ක විදේශ විනිමය ණය-සේවා ගෙවීම් සහ රුපියල් බිලියන 3,000 ක පමණ දේශීය ණය-සේවා ගෙවීම් අතරින් සාමාන්‍ය ණය ආපසු ගෙවීමකි. නීතියට අනුව, රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුව විසින් රාජ්‍ය ණය කළමනාකරණය කරනු ලැබුවද, ණය ගැනීම සහ ණය පියවීමේ මූලික වගකීම, රජයේ මිස මහ බැංකුවේ නෛතික වගකීමක් නොවේ. නියෝජිතයා ලෙස, මහ බැංකුව රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ උපදෙස් මත ක්‍රියා කළ යුතු අතර, රජයේ කිසිදු ණයක් ගෙවීමට හෝ නොගෙවීමට ඒකපාර්ශ්විකව තීරණය කරන්නට මහ බැංකුවට නොහැකිය. තවද, ණය ගෙවීම සඳහා පාර්ලිමේන්තුව විසින් විශේෂයෙන් වෙන් කර ඇති අරමුදල්වලින් දේශීය හා විදේශීය ණය-සේවාකරණය සඳහා තම අරමුදල් ලබා දෙනු ලැබුණොත් පමණක්, මහ බැංකුවට රජය වෙනුවෙන් එම ණය ගෙවීමට හැකිවනු ඇත.

මෙම අදාළ අවස්ථාවෙහිදී, ISB බේරුම්කරණය පිළිබදව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් 10 වැනි දින අයවැය විවාදය අවසන් කරන විට පාර්ලිමේන්තුවේදී විදේශ ණය ගෙවන බවට විශේෂ සහතිකයක් ලබා දී තිබුණේ මෙසේ කියමිනි. “මුදල් ඇමතිවරයා හැටියට මම මේ උත්තරීතර සභාවේදී ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් අවසරය පරිදි පැහැදිලිව කියනවා, අපට ගෙවන්න තිබෙන සෑම ඩොලර් ඒකක්ම ලබන අවුරුදේ අනිවාර්යෙන්ම අපි ගෙවන බව. මම ඒ්ක සහතික කරනවා. මම ඒ සහතිකය දෙන්නේ වගකීමකින්. පළමුවෙන්ම අපට ජනවාරි මාසයේ මිලියන 500 ක් ගෙවන්න තියනවා. ඊලගට ජූලි මාසයේ ඩොලර් මිලියන 1000 ක් ගෙවන්න තිබෙනවා. ඒ අතර මැද අපට තව ගෙවන්න තියෙනවා. අපි ගත්ත ප්‍රාග්ධන ගෙවීම් ප්‍රමාණයකුත්, ඒ වාගේම ණය සේවාකරණයට පොලී ප්‍රමාණයකුත් අපට ගෙවන්න තිබෙනවා. ඒ සියල්ලම අපි ගෙවන බවට මෙම උත්තරීතර සභාවේදී මා කියා සිටිනවා.”

රටේ ස්වෛරී ණය හෝ එහි නිශ්චිත කොටසක් පියවීම හෝ නොපියවීම තනි පුද්ගලයකුට ඒකපාර්ශ්විකව තීරණය කළ හැකි කාරණයක් නොවේ. එසේ වුවද, 2022 ජනවාරි 18 වැනි දින, USD මිලියන 500 ක පරිණත ISB හි පියවීම මහ බැංකු අධිපතිවරයා ලෙස සේවය කළ මගේ තනි අභිමතය පරිදි සිදු වූ බවට විවිධ පුද්ගලයන් විසින් අභූත ප්‍රකාශ කර ඇත. ඇතැම් ආයෝජකයන්ට අනවශ්‍ය ලාභ ලැබීමට හැකිවන පරිදි මෙම පියවීම් සිදු කර ඇති බවට පවා ඔවුන් චෝදනා එල්ලකොට ඇත. එවැනි ද්වේෂසහගත සහ සනාථ කළ නොහැකි උපහාසයන් මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ අතරම, එම අදාළ USD 500,000,000 ක ISB න් 21.8% පමණ වටිනාකමකින් යුත් USD 108,899,000 ක ISB කොටසක්, දේශීය බැංකු සතුව තිබූ බව විගණකාධිපතිවරයා දැනටමත් තහවුරු කර ඇති බව ද ප්‍රකාශ කළ යුතුය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක් (Bank of Ceylon, Commercial, NDB, PanAsia, Sampath, Peoples, HNB සහ HSBC Colombo) 2022 ජනවාරි ISB ආයෝජකයින් අතර සිටි නිසා, රජය විසින් එම ISB පැහැර හරිනු ලැබුවා නම්, එම බැංකු වලටද දැවැන්ත පාඩුවක් විදින්නට තිබුණි. එබැවින් වාසනාවකට මෙන්, ජනවාරි 22 ISB බැදුම්කරය රජය විසින් නිසි ආකාරයට පියවනු ලැබූ බැවින්, එවැනි පාඩුවක් ශ්‍රී ලාංකික බැංකු වලට සහ ඒවායේ ගණුදෙණුකරුවන්ට විදීමට සිදු නොවීය.

කෙසේ වෙතත්, අදාළ කාලයේදී (2022 ජනවාරි) රජයේ නිල ප්‍රතිපත්තිය වූයේ එහි ස්වෛරී ණය ගෙවීමයි. නිදහසින් පසු, එම ප්‍රතිපත්තිය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් විශ්වාසවන්තව අනුගමනය කරන ලදී. එබැවින්, කිසියම් හේතුවක් නිසා, රාජ්‍ය ණය ආපසු ගෙවීම පැහැර හැරීමට රජයට අවශ්‍ය වී තිබුණා නම්, එය මහ බැංකුවේ තීරණයක් නොව රජයේ තීරණයක් විය යුතුව තිබුණි. එම පදනම තහවුරු කරමින්, 2022 අප්‍රේල් 12 වැනි දින “ණය ගෙවීම අත්හිටුවීම” ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යාංශය විසිනි. තවද, විදේශ විනිමය ණය ගෙවීම් අත්හිටවනු බවට ප්‍රකාශ කොට, අවසානයේ ප්‍රතිව්‍යුහගත කරන බවට ප්‍රකාශ කිරීමෙන්ද එම ස්ථාවරය තව දුරටත් පැහැදිලිවම තහවුරු කරන ලදී. අවාසනාවන්ත ලෙස, එම ණය පැහැර හැරීමේ ප්‍රකාශය, ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයකට ඇද දැමීමට හේතු වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, මවිසින් දැනටමත් අවස්ථා කිහිපයකදී අනතුරු අගවා ඇති පරිදි, බොහෝ හානිකර සහ ව්‍යසනකාරී ප්‍රතිඵල රටට විදින්නට සිදුවී ඇත. ඒවා අතර සමහරක්:

අ) රටේ විශ්වසනීයත්වය නැතිවී ඇත.
ආ) බහු පාර්ශ්වික ආයතනවලින් හැර රටට නව විදේශ විනිමය ණය ලබා ගැනීමට නොහැකි වී ඇත.
ඇ) විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේදී රටේ බැංකු පද්ධතියට බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවී ඇත.
ඈ) විදේශ විනිමය අරමුදල් හරහා ඉදිකරනු ලැබූ යටිතල පහසුකම් ව්‍යාපෘති සියල්ලම පාහේ නතරවී ඇත.
ඉ) සෘජු විදේශ ආයෝජකයින් රට මගහැර ගොස් ඇත.
ඊ) කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර රාශියක් කඩා වැටී ඇති අතර, තවත් රාශියක් ආසන්න කඩා වැටීමකට මුහුණ දී ඇත.
උ) රැකියා සහ ජීවනෝපාය අවස්ථා ලක්ෂ ගණනක් අහිමි වී ඇත.
ඌ) භාණ්ඩ හා සේවාවල මිල ගණන් දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇත.
එ) පෙර නොවූ විරූ මට්ටම් දක්වා පොළී අනුපාත ඉහළ ගොස් ඇති අතර, එමඟින් රාජ්‍ය අයවැය කෙරෙහි දැවැන්ත අයහපත් බලපෑමක් ඇති කෙරෙමින්, භාණ්ඩාගාර බිල්පත් විශාල තොගයක් මහ බැංකුව වෙත නිකුත් කිරීමට (මුදල් මුද්‍රණය) සිදුවී ඇත.
ඒ) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති දැඩි ණය කොන්දේසි සපුරාලීමේ අවශ්‍යතාවය හේතුවෙන්, රටේ වටිනා සහ උපාය මාර්ගික වත්කම් විකිණීමට රජයට සිදුවී ඇත.
ඔ) රටේ විදේශ ප්‍රතිපත්තිය බරපතල අයහපත් බලපෑමකට ලක්ව ඇත.
ඕ) ඇතැම් විදේශ විනිමය පෞද්ගලික ණයහිමියන් දැනටමත් ඔවුන්ගේ හිඟ මුදල් රජයෙන් අයකර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග විදේශ අධිකරණ වල ගොනු කර ඇති නිසා, ඒ සදහා රජයට විශාල නඩු වියදම් දැරීමට සිදුවී ඇත.
ක) බොහෝ විදේශ විනිමය ණය හිමියන් දේශීය ණයද ප්‍රතිව්‍යුහගත කරන ලෙසට රජයට දැඩි බලපෑම් කොට ඇති අතර, එම දේශීය ණය කපා හැරීමේ ක්‍රියාව දැන් බරපතල සමාජ-ආර්ථික ගැටලු ඇති කරමින් දැඩි සමාජ නොසන්සුන්තාවයකට තුඩු දී ඇත.
ග) ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති අතර, එය තවදුරටත් කඩා වැටෙනු ඇතැයිද පුලුල් සමාජ මතයක් ගොඩනැගී ඇත.

2022 ජනවාරි 18 වන දින USD මිලියන 500 ISB පියවීමට රජය විසින් භාරගන්නා ලද නීත්‍යානුකූල කැපවීමට ගරු කරමින් එය නිසියාකාරව පියවීමට රජය සහ මහ බැංකුව කටයුතු නොකළේ නම්, ඉහත සඳහන් කොට ඇති ව්‍යසනකාරී ප්‍රතිඵල 2022 ජනවාරි සිටම සිදුවනු ඇති බව තර්කානුකූලව පෙනී යනු ඇත. සමහරවිට, එසේ සිදුවූවා නම්, ISB ගෙවීම නොකළ යුතුව තිබූණේ යයි, දැන් මහා හඩින් ප්‍රකාශ කරන එම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, රටටත්, ආර්ථිකයටත් එම ණය නොපියවීම නිසා, ඉහත විස්තර කර ඇති බරපතළ හානි සිදුකළ බවට මටත්, එවකට විවිධ වගකීම් දැරූ අනෙක් අයටත් චෝදනා කරනු නොඅනුමානය.

එහෙත්, මෙහිදී පුදුමයට කරුණ වන්නේ, 2022 අප්‍රේල් 12 වන දින ණය පැහැර හැරීම ප්‍රකාශයට පත් කිරීම නිසා ආර්ථිකයට සිදු වී ඇති දැවැන්ත හානිය විදහා දැක්වීමට එම මන්ත්‍රීවරුන් සහ අනෙකුත් අය විශාල මැලිකමක් දක්වන අතරම, ISB සහ අනෙකුත් විදේශ විනිමය ණය, 2022 මාර්තු අවසන් වන තෙක්ම ඉතා නිවරැදිව පියවීමට කටයුතු සම්පාදනය කිරීමෙන් එවැනි ව්‍යසනකාරී ප්‍රතිවිපාක වළක්වා ගැනීමට කටයුතු කළ අයට දොස් පැවරීමට නමි ඔවුන් ඉතා කඩිසර වීමයි.

2022 අප්‍රේල් 12 වන දින ප්‍රකාශයට පත්කරන ලද අනවසර ස්වෛරී ණය පැහැර හැරීමේ නිවේදනය පිළිබදව කඩිනම් සහ පුලුල් විමර්ශනයක් දියත් කරන ලෙසට, මීට වසරකටත් පෙර 2022 සැප්තැම්බර් 5 වන දින, මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත. තවද, 2007 සිට 2022 දක්වා ISB නිකුතු සහ ඒවායේ පියවීම් සම්බන්ධයෙන් ඕනෑම විමර්ෂනයක් දියත් කරන්නේ නම්, මා සතුටුවන අතර, ඒ වෙනුවෙන් මාගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් මා ප්‍රකාශ කරනවා.

අජිත් නිවාඩ් කබ්රාල් -හිටපු මහබැංකු අධිපති

SendShareShare
Previous Post

ජනාධිපති ලේකම්ගෙන් සියලුම රාජ්‍ය නිලධාරීන්ට ලියුමක්! I Sri Lanka Latest News

Next Post

කෙහෙළිය ඡන්දෙ ඉල්ලපු දිස්ත්‍රික්කෙ එක පළාතක විතරක් මන්දපෝෂණය හැදුණු දරුවන් 400ක්! උග්‍ර මන්දපෝෂණයෙන් පෙළනෙ දරුවෝ 25ක්! Sri Lanka Latest News

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.