• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරවා අඩු කරනවා.. මේවා අඩු කරනවා.. අරවා දෙනවා… මේවා දෙනවා කිව්වා..! ජනාධිපතිවරණයේ කියපු එකක්වත් කරගන්න බැරිවුණු මාලිමාව අද මහඡන්දෙටත් ඇවිත් ඒ ටිකම කියනවා! ආපහු ඡන්දෙ දෙනවද? VIDEO I Sri Lanka Latest News

November 11, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘‘ජාතික ජන බලවේගයේ කණ්ඩායම තවම හිතාගෙන ඉන්නේ ඔවුන් විපක්ෂය නියෝජනය කරනවා කියලා. ජනාධිපතිවරණ සමයේදී ජනතාවගේ පීඩනය පිටකිරීම සඳහා ජාතික ජන බලවේගය නොයෙකුත් බලාපොරොත්තු ජනතාවට ලබා දුන්නා. නමුත් ඒ බලාපොරොත්තු ඉටු නොවුන පසුබිමක තවත් ජනතාවට පොරොන්දු ලබාදීමට ජාතික ජන බලවේග කණ්ඩායම කටයුතු කරමින් සිටිනවා.’ යැයි එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා තවදුරටත් මෙසේ කීය.

ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කරනවා විදුලි බිල අඩු කරනවා කියලා. ඒ වගේම බදු අඩු කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා. මේවා නැවත නැවත ජනතාවට කිව යුතු නැහැ. ජනාධිපතිවරණ වේදිකාවේදී අනුර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය පිරිස මේ දේවල් ජනතාවට ප්‍රකාශ කළා. දැන් තිබෙන්නේ ඔවුන්ට ඒ දේවල් ක්‍රියාත්මක කරන්න පමණයි.

ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තුරු සිටිය යුතු නැහැ. පාර්ලිමේන්තු බලයක් නොමැතිව බඩු මිල අඩුකළ නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් එය පිළිගැනීමට නොහැකි කාරණයක්. ආණ්ඩුව ආහාර වලට රේගු බදු වැය කිරීමට කටයුතු කළේ පාර්ලිමේන්තු බලයක් නොමැතිවයි.

ගෝල්ෆේස් පිටියට පසුගිය රජයේ සිටි පිරිස් භාවිතා කළ වාහන ගෙනැවිත් වර්තමාන රජය විශාල සංදර්ශනයක් පැවැත්තුවා. වර්තමාන රජයට කළ යුතුව තිබුණේ ඒ වාහන අවභාවිතා කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමයි. එසේත් නැතිනම් රජයට වැඩි වාහන වෙන්දේසි කිරීමට කටයුතු කරන්න. ඒ වාහන නැවත අමාත්‍යංශ වලට ලබා දුන්නේ ජාතික ජන බලවේගයෙන් පත්වන මැති ඇමතිවරුන්ට ලබා දෙන්න දැයි අපි ආණ්ඩුවෙන් අහන්න කැමතියි.

හැකියාවක් තිබෙනවා නම් , විෂය පිළිබඳව දැනුමක් තිබෙනවා නම් , කළමනාකරණය පිළිබඳව දැනුමක් තිබෙනවානම් රට ගොඩනැගීමට සහ ජනතාවට සහන සැලසීමට හැකියාව තිබෙනවා. වර්තමාන ආණ්ඩුව ගමන් කරන මාර්ගයේ තවදුරටත් ගමන්කළහොත් රටට ආයෝජකයන් කිසි දවසක එන්නේ නැහැ ,නිෂ්පාදනය වැඩිවෙන්නෙත් නැහැ , අපනයනය වැඩිවෙන්නෙත් නැහැ , රාජ්‍ය ආදායම ඩොලර් වලින් වැඩිවෙන්නෙත් නැහැ , දිගින් දිගටම ණය ලබා ගත්තොත් ලබන වසරේදී උද්ධමනය ඉහළ ගොස් බඩු මිල ඉහළයාමට සහ ඉන්ධන මිල ඉහළ යාමට ඉඩකඩ තිබෙනවා.

ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා සියලුම ආයතනවල වංචා දූෂණ හොරකම් සිදුවෙනවා කියලා. ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍රියා කලාපනිසා ඒ වංචා දූෂණ හොරකම් නතර වී තිබෙනවා නම් , වංචා දූෂණයට තිත තබා තිබෙනවානම් ඒවායේ ප්‍රතිලාභ ඇයි ජනතාවට නොයන්නේ කියන ප්‍රශ්නය මතුවනවා.

ජාතික ජන බලවේග ආණ්ඩුවට ඔවුන්ගේ ප්‍රගති සමාලෝචනය මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේදී බලා ගැනීමට හැකියාව තිබෙනවා. ජාතික ජන බලවේගයට රට තුළ රැල්ලක් තිබෙනවා නම් ජනතාව ඔවුන් ප්‍රකාශ කළ දේවල් පිළිගත්තා නම් ජනතාවට ලබා දෙනවායි කියූ සහන ලබා දී තිබෙනවාම් අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයට මෙවර මහ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් ඔවුන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා මෙවර මහ මැතිවරණයේදී ඔවුන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවීමට ඉඩ කඩ තිබෙනවා.

රටේ ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලූ ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් අද ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරග වදින නිසා ඉන්ධන මිල පිළිබඳව කතා කිරීමට ජාතික ජන බලවේගයේ කවුරුත්නැහැ , ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර වල මිල පිළිබඳව කතා කරන්න ජාතික ජන බලවේගී කවුරුත් නැහැ. , විදුලි බල මණ්ඩලය මේ වන විට මිලියන හැට පන්දාහක් ලාභ ලබා තිබෙනවා ඒ ලාභය ජනතාව අතර බෙදී යන ක්‍රමයක් පිළිබඳව කතා කරන්න ජාතික ජන බලවේගී කවුරුත් නැහැ , උපයන විට ආදායම් බද්ද මේ වන විට බිලියන 200 ඉක්මවා තිබෙනවා. එයින් ජනතාවට සහනයක් ලබාදීම සදහා අමනාකරණය කර ගැනීමට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැහැ.

මේ රටේ ජනතාව ජිවත් කරලිම සදහා ආයෝජකයන් ගෙන්විම , අපනයනය වැඩි කිරිම , ඩොලර් ආදායම් වැඩිකරිම , බදු අඩු කිරිම , බඩු මිල අඩු කිරිමට වැඩපිළිවෙලක් සකස් කළ හැකි , ලෝකයාගේ සහාය ලබාගත හැකි කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ පමණයි. එවැනි තුලිත කණ්ඩායම් රටේ පාලනය බලය ලබා ගත්තොත් පමණයි රටට නිවැරදි මාර්ගයට ගමන් කිරිමට හැකියාව ලැබෙන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අපි සාකච්ඡා කර තිබෙනවා ණය ගෙවිම 2023 දක්වා කල් දා ගන්න. එයින් විශාල සහනයක් රටෙ පුරවැසියන්ට ජිවත් විමට , දරුවන්ගේ අධ්‍යාපනයට , සෞඛ්‍ය පද්ධතියට වෛද්‍ය පහසුකම් ලබාදිමට , ව්‍යවසායකයන්ට සහන ලබාදිමට හැකියාව තිබෙනවා. උද්දච්ච පාලනයකට රට ගොඩ ගැනිමට නොහැකියි. රට නිවැරදි මාවතකට රැගෙන ගොස් ජනතාවට ජිවත්වීම සඳහා වටාපිටාවක් සකස් කර දිම තමයි අවශ්‍ය වෙන්නේ. ජනාධිපතිවරයා පොරොන්දුවනු දේවල් ඔහුට කරන්න බැරි වුණාට අපට කරන්න හැකියාව තිබෙනවා. රට තුළ තුලිත පාලනයක් ඇති කරන්න මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.

ජනතාව වෙනුවෙන් හඩ නැගිය හැකි , ජනතා ප්‍රශ්න තේරුම් ගැනිමට හැකි , ඒ සඳහා නිසි විසදුම් ලබාදෙන පුලුවන් , අසාධාරණයට , වංචාට දුෂණයට විරුද්ධ පිරිසක් තමයි මහ මැතිවරණයේදී ජනතාව තෝරන්නේ. ඒ නිසා මහ මැතිවරණය විශිෂ්ඨ ලෙස ජයග්‍රහනය කොට සජිත් ප්‍රේමදාස මහතා අගමැති කොට සජබ ඇමැති මණ්ඩලයක් පත් කරන්න අපි කටයුතු කරනවා.‘‘

SendShareShare
Previous Post

වාහන කේස් එකට ලොහාන් ඇප ඉල්ලයි! සලකා බැලීම 19 වැනිදා! I Sri Lanka Latest News

Next Post

අනුර කියන ලක්ෂ 40ක ඉලක්කය සපුරාගන්න පුළුවන් වගේ! ගිය දවස් 5ට ලංකාව බලන්න තිස්දහස පන්නලා ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.