මිල්ලනිය සී/ස මුංවත්ත බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය ඊයේ (26) මිල්ලනිය වින්රෝ උත්සව ශාලාවේදී පැවැත්වු අතර ඉන් හිටපු සභාපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කලේය.Sri Lanka Latest News
මිල්ලනිය ප්‍රධාන බැංකු ශාඛාව ඇතුළු ශාඛා 11ක සාමාජිකයන් 11175 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර 4000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත.
සභාපති ලෙස ඡන්ද (1865) ලබාගෙන ගෙහාන් වීරසිංහ, උප සභාපති ලෙස ඡන්ද (1667) ලක්මාල් රොෂාන් චන්ද්‍රසේකර,කාරක සභිකයන් ලෙස (1752)ටී.ඩී.ලලිත් ප්‍රියන්ත, (1667)නුවන් ප්‍රසන්න වික්‍රමසිංහ, (1650)රසික ෆොන්සේකා, (1632)කේ වසන්ත පුෂ්ප කුමාර,(1503)හෙට්ටිගේ දයානන්ද පෙරේරා නව නිලධාරී මණ්ඩලය ලෙස තේරිපත් විය.
අනෙක් ස්වාධීන කණ්ඩායම දෙවන ස්ථානයටත් මාලිමා කණ්ඩායම තුන්වන ස්ථානයටත් පත්වීම විශේෂ සිදුවීමක් විය.










