ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහනගර සභාවේ අයවැය දෙවනවර කියවීම ද අද (19) දින පරාජයට පත්ව තිබේ.Sri Lanka Latest News
මෙම ඡන්දයේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද, විපක්ෂව ඡන්ද 14ක්ද හිමි වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 1කින් රත්නපුර මහනගර සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත් විය.
මන්ත්‍රීවරු 27දෙනාම අද දින සහභාගිවූ අතර මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූ නාගරික මන්ත්‍රී L.P. ලියනආරච්චි මහතා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.
මෙම ඡන්දයෙන් අනතුරුව පොදු විපක්ෂය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සඳහන් කර සිටියේ නගරාධිපතිවරයාගේ දැඩි බව සහ අසාමාන්‍ය අයුරින් බදු වැඩි කිරීම නිසා මෙම තීන්දුව ගත් බවය.










