මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය Moosa Zameer මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ දී සිදුවිය.Sri Lanka Latest News
එහි දී දෙපාර්ශ්වය අතර ආර්ථික, සමාජීය, දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවිය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බංකොලොත් වී ඇති අප රට ගොඩ ගැනීම සඳහා තමාට ඇති ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.
මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය ජී.ඇල්. පීරිස්, එරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි සුජීව සේනසිංහ සහ නිරෝෂන් පෙරේරා යනාදීන් එක්විය.














