යුද්ධයකින් බැට කෑ ජනතාවක් සිටින යාපනයේ දුෂ්කරතා රැසක් ඇති බවත් යුද්ධයක් අවසන් වී සාමයට යන විට රටේ නායකයන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීම සිදු කළ යුතු වුවත් මෙතෙක් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීමක් සිදු නොකළ රටක් ලෙස අප රට ප්‍රසිද්ධ වී ඇති බවත් 2009 මැයි මස සිට වසර 15ක් ගත වුවත් යුද්ධයෙන් වැඩිම හිංසනයක් සිදු වූ උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් ජීවත් වන සෑම ජන කොට්ඨාසයකයගේම සුබසාධනය උදෙසා වන ආධාරක සමුළුවන් කැඳවීමට නොහැකි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ මෙන් ම සමස්ත රටේ ම සුබසිද්ධිය උදෙසා ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් බලයට පත්ව වසර එකහමාරක් ඇතුළත යුද්ධයෙන් අසහනයට පීඩනයට හිංසනයට ලක් වූ ජනතාව වෙනුවෙන් ඒ යුතුකම තමා ඉටු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 9) යාපනය නල්ලූර් ශාන්ත චාල්ස් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 227 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
යාපනය බුද්ධිමතුන්ගේ පාරාදීසයක් බවට පත් කරනවා
යාපනය දිස්ත්‍රික්කය බුද්ධිමතුන්ගේ පාරාදීසයක් බවට පත් කිරීමට අවශ්‍ය බවත් මුළු රටේම අධ්‍යාපනයේ වෙනසක් කරන ගමනේදී යාපනය දිස්ත්‍රික්කයේ ද අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇති කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යමු
ජාතිය, ආගම, පක්ෂය, කුලය, තරාතිරම ගැන නොසිතා ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යන ලෙසත් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ආදී වෙනත් ආගම් හා ජාතිවලට අයත් අයද කියා නොසිතා සෑම දරුවකුම එක මවකගේ දරුවන් සේ සලසා සත්‍ය කතා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
13 ක්‍රියාත්මක කළා කියලා රට බෙදෙන්න දෙන්නේ නැහැ
13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවාද නැද්ද කියා ප්‍රකාශ කිරීමට නායකයෝ යැයි කියන කාටවත් කොන්දක් නොමැති බවත් සමගි ජන බලවේගය මෙය ක්‍රියාත්මක කළ පසු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරනවා සේම මූලික අයිතිවාසිකම් යටතට ආගමික, සංස්කෘතික, ආර්ථික, සමාජීය, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී අයිතිවාසිකම් ද අයත් කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නොතබන බවත් එක රටක් තුළ ක්‍රියාත්මක විය යුත්තේ සැමටම පොදු නීතියක් බවත් වෙන් වෙන් වශයෙන් නීති ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
ඡන්ද මල්ල පැත්තකින් තියලා දරුවන් වෙනුවෙන් අපි ඇත්ත කතා කරමු
1876 ආරම්භ වූ මෙම පාසලේ මේ වන විට ළමයින් 450ක් ඉගෙන ගත්තත් මෙම පාසලේ පරිගණක ඇත්තේ 3ක් බවත් මේ පාසලේ දූදරුවන් තොරතුරු තාක්ෂණය වෙන උනන්දු කරවීම සඳහා මෙම පරිත්‍යාග සිදු කළත් කිසිදු අවස්ථාවක තමාගේ ඡන්ද මල්ල වැඩි කර ගැනීම මෙහි අරමුණ නොවන බවත් රටේම දරුවන් සුහුරු අධ්‍යාපනයට යොමු කර ලෝකය ජය ගත හැකි සුහුරු පුරවැසියකු බිහි කිරීම මෙහි අරමුණ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 227ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2538ක් වැය කර තිබේ.
































