මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා සහ එම ආර්යාව දින 03ක සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දහවල් පැමිණ තිබේ.
එම සංචාරය සඳහා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු 15 දෙනෙක් ද පැමිණ ඇත.
තෙදින සංචාරයෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ලබන 23 දා උදෑසන නැවත මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය .










